Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 14:11 - Sinhala Revised Old Version

11 ඔහුගේ හිස තැටියක ලා ගෙනවුත් තරුණියට දෙනලද්දේය. ඈද ඒක ඇගේ මවු ළඟට ගෙනගියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඒ හිස තැටියක ලා ගෙනැවිත් තරුණියට දෙන ලද්දේ ය. ඈ එය සිය මව වෙත ගෙනාවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 ඔහුගේ හිස තැටියක තබා ගෙනැවිත්, දැරියට දෙන ලදී. ඈ එය තම මව වෙත ගෙන ගියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඒ හිස තැටියක ලා ගෙනැවිත් තරුණියට දෙන ලද්දේ ය. ඈ එය සිය මව වෙත ගෙනාවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 14:11
12 හුවමාරු යොමු  

ඔවුන් ශුද්ධවන්තයන්ගේද අනාගතවක්තෘවරුන්ගේද ලේ වැගිරෙවු බැවින් ඔබ ඔවුන්ට බොන්ට ලේ දුන්සේක. ඒක ඔවුන්ට සුදුසුයයි කියනවා මට ඇසුණේය.


ඒ ස්ත්‍රී ශුද්ධවන්තයන්ගේද යේසුස්වහන්සේගේ වේදසාක්ෂිකයන්ගේද ලෙයින් මත්වී සිටිනවා දුටිමි. මම ඈ දුටු විට මහත් පුදුමයකින් පුදුමවුණෙමි.


මා ජීවමාන බව සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක: මම නුඹ ලෙයට සූදානම්කරන්නෙමි, ලේද නුඹ පස්සේ එළවාගෙන එනවා ඇත. නුඹ ලේ වැගිරවීමට ද්වේෂ නොකළ බැවින්, ලේ එළවාගෙන එනවා ඇත.


නුමුත් නුඹේ ඇස් සහ නුඹේ සිතත් ලාභයද නිදොස් ලේ වැගිරවීමද පීඩාකිරීමද බලාත්කාරකිරීමද කෙරෙහි මිස වෙන යමක් කෙරෙහි පිහිටා නැත.


මිනීමරුවූ මනුෂ්‍යයෝ නිර්දෝෂ අයට වෛරකෙරෙති. එහෙත් අවංක අය ඔහුගේ ප්‍රාණය ආරක්ෂාකරති.


උදහස කෲරය, කෝපයද රෞද්‍රය; එහෙත් කාම ක්‍රෝධය ඉදිරිපිට සිටින්ට පුළුවන් කාටද?


ඔවුන්ගේ කෝපය රෞද්‍ර නිසාද ඔවුන්ගේ උදහස කෲරතර නිසාද ඊට ශාපවේවා. මම ඔවුන් යාකොබ් අතරෙහි බෙදා ඉශ්‍රායෙල් අතරෙහි විසුරුවන්නෙමි.


ඈද තමාගේ මවු විසින් පොළඹවනු ලැබ: යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා මෙහිදී මට දුන මැනවැයි කීවාය.


කෙනෙකු යවා හිරගෙයිදී යොහන්ගේ හිස කැප්පෙවුවේය.


ඔහුගේ ගෝලයෝ ඇවිත් මිනිය රැගෙන, ඔහු තැන්පත් කොට, පසුව ගොස් යේසුස්වහන්සේට දැන්වූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්