Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 13:8 - Sinhala Revised Old Version

8 තවත් සමහරක් සරු බිමෙහි වැටී, එකෙන් සියයක්ද එකෙන් සැටක්ද එකෙන් තිහක්ද බැගින් ඵල දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 තවත් සමහරක් සරු බිමෙහි වැටී එකකින් සිය ගුණයක් ද එකකින් සැට ගුණයක් ද එකකින් තිස් ගුණයක් ද බැගින් පල දැරී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 සෙසු බීජ සරු බිමෙහි වැටී, සිය ගුණයක්, හැට ගුණයක් හා තිස් ගුණයක් යන වශයෙන් අස්වැන්න ඉපද වීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 තවත් සමහරක් සරු බිමෙහි වැටී එකකින් සිය ගුණයක් ද එකකින් සැට ගුණයක් ද එකකින් තිස් ගුණයක් ද බැගින් පල දැරී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 13:8
11 හුවමාරු යොමු  

සරුබිමේ ඒවා නම් අවංකවූ යහපත් සිතින් වචනය අසා, තදින් අල්ලාගෙන, ඉවසීමෙන් ඵලදරන්නෝය.


සරු බිමෙහි වපුරනලද්දේ නම්, වචනය අසා තේරුම් ගෙන, ඵලද දරන තැනැත්තාය; එක්කෙනෙක් සියයක්ද එක්කෙනෙක් සැටක්ද එක්කෙනෙක් තිහක්ද බැගින් ඵල දෙන්නේයයි කීසේක.


මාගේ පියාණන්වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය; මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය.


ඊසාක් ඒ දේශයෙහි බීජ වපුරා එම අවුරුද්දෙහිම එකෙන් සියයක් අස්වැන්න ලැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ආශීර්වාදකළසේක.


නුඹලාගේ ප්‍රේමය දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් තව වඩ වඩා බොහෝ වන පිණිස යාච්ඤාකරමි.


මක්නිසාද මා තුළ එනම් මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේය, නුමුත් යහපත් දෙය කිරීම මට නැත්තේය.


අන් සමහරක් කටු අතරෙහි වැටුණේය; කටු ගස් වැවී ඒවා යටකර දැම්මේය.


තවත් සමහරක් සරුබිමේ වැටුණේය; ඒවා පැළවී වැඩී, ඵලදෙමින්, එකෙන් තිහක් ද එකෙන් හැටක්ද එකෙන් සියයක්ද බැගින් අස්වැන්න ඉපදවිය.


සරුබිමේ වපුරනලද්දෝ නම්, වචනය අසා, පිළිගෙන, තිස් ගුණයක්ද සැට ගුණයක්ද සියක් ගුණයක්ද බැගින් ඵල දරන්නෝයයි කීසේක.


තවත් ඒවා සරුබිමේ වැටී, පැළවී, එකෙන් සියයක් ඵල දුන්නෝයයි කීසේක. උන්වහන්සේ මේ දේවල් කියා: අසන්ට කන් ඇත්තේ අසාවයි ශබ්දනගා කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්