Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 12:29 - Sinhala Revised Old Version

29 නොහොත් බලවන්තයා පළමුකොට නොබැඳ, යමෙකුට ඔහුගේ ගෙට වැද ඔහුගේ වස්තු කොල්ලකන්ට කෙසේ හැකි වේද? බැඳලාම ඔහුගේ ගෙය කොල්ලකන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 “තවද, බලවතෙකු පළමු කොට බැඳදමා මිස, ඔහුගේ ගෙට වැද, වස්තුව කොල්ලකන්ට කිසිවෙකුට හැකි වේ ද? ඔහු බැඳදැමූ පසු ඔහුගේ ගෙය කොල්ලකන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

29 “පළමු කොට බලවන්තයා බැඳ දැමුවොත් මිස, බලවතකුගේ ගෙට ඇතුළු වී, ඔහු සතු දේ පැහැර ගත හැක්කේ කවරකුට ද? ඔහු බැඳ දැමූ පසු, ඔහුගේ ගේ කොල්ලකත හැකියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 “තවද, බලවතෙකු පළමු කොට බැඳදමා මිස, ඔහුගේ ගෙට වැද, වස්තුව කොල්ලකන්ට කිසිවෙකුට හැකි වේ ද? ඔහු බැඳදැමූ පසු ඔහුගේ ගෙය කොල්ලකන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 12:29
11 හුවමාරු යොමු  

බලවන්තයාගෙන් කොල්ලය ගන්ට නොහොත් යුතුලෙස වාලට අසුවුණ අය මුදන්ට පුළුවන්ද?


නුමුත් බලවන්තයා පළමුකොට බැඳලා මිස ඔහුගේ ගෙට වැද ඔහුගේ බඩු කොල්ලකන්ට කාටවත් නුපුළුවන; බැඳලාම ඔහුගේ ගෙය කොල්ලකන්නේය.


මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.


පව්කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව්කරන්නේය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශකරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශකරන පිණිසය.


එබැවින් මම බොහෝ දෙනෙකු අතරෙහි උන්වහන්සේට කොටසක් බෙදාදෙන්නෙමි, බලවන්තයන් සමඟද උන්වහන්සේ කොල්ලය බෙදාගන්නවා ඇත; මෙසේ වන්නේ තමන් ප්‍රාණය මරණයට වගුරුවා දී, වරදකාරයන් සමඟ ගණන්ගනු ලැබ, උන්වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප උසුලාගත් නිසාය, වරදකාරයන් උදෙසාද උන්වහන්සේ මැදහත්කම්කරනසේක.


නුමුත් මම දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, සැබවින්ම දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කරා පැමිණ තිබේ.


මාගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්