Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 12:27 - Sinhala Revised Old Version

27 තවද මම බෙල්සෙබුබ් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, නුඹලාගේ පුත්‍රයෝ කවරෙකු කරණකොටගෙන උන් දුරුකරද්ද? එබැවින් ඔව්හු නුඹලාගේ විනිශ්චයකාරයෝ වන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 මා දුෂ්ටාත්මයන් දුරු කරන්නේ බෙල්සෙබුල්ගේ අනුහසින් නම්, ඔබේ ම අනුගාමිකයන් දුෂ්ටාත්මයන් දුරු කරන්නේ කවරෙකුගේ අනුහසින් ද? මේ අනුව ඔව්හු ම ඔබේ තර්කය බිඳදමති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 මා යක්ෂාත්ම දුරු කරන්නේ බෙල්සෙබුල් මඟින් නම්, ඔබේ පුතුන් උන් දුරු කරන්නේ, කවරකු මඟින් ද? එබැවින්, ඔවුන්ම ඔබගේ විනිශ්චයකරුවන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 මා දුෂ්ටාත්මයන් දුරු කරන්නේ බෙල්සෙබුල්ගේ අනුහසින් නම්, ඔබේ ම අනුගාමිකයන් දුෂ්ටාත්මයන් දුරු කරන්නේ කවරෙකුගේ අනුහසින් ද? මේ අනුව ඔව්හු ම ඔබේ තර්කය බිඳදමති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 12:27
10 හුවමාරු යොමු  

ගෝලයා තමාගේ ගුරුවරයා මෙන්ද දාසයා තමාගේ ස්වාමියා මෙන්ද වුණොත් ඔවුන්ට ඇත. ඔව්හු ගෙයි ස්වාමියාට බෙල්ශෙබුබ්යයි කීවෝ නම් ඔහුගේ ගෙයි වැසියන්ට කොපමණ වැඩියෙන් නොකියත්ද?


උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි පතළව ගියාය. නොයෙක් රෝගපීඩාවලින් පීඩිතවූ සියලු රෝගීහුද යක්ෂා වේශවූවෝද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය; උන්වහන්සේ ඔවුන් සුවපත්කළසේක.


නුමුත් ඵරිසිවරු: මොහු යක්ෂයන් දුරුකරන්නේ යක්ෂාධිපතියා කරණකොටගෙනයයි කීවෝය.


නුමුත් මම බෙල්සෙබුබ් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, නුඹලාගේ පුත්‍රයෝ කවරෙකු කරණකොටගෙන ඔවුන් දුරුකරද්ද? එහෙයින් ඔව්හු නුඹලාගේ විනිශ්චයකාරයෝ වන්නෝය.


එවිට ඔහු කථාකොට: දුෂ්ටවූ දාසය, නුඹේම කටින් නුඹ විනිශ්චයකරමි. මා නොතිබූ දේ ගන්නාවූ, නොවපුළ දේ කපන්නාවූ, කර්කස කෙනෙක් බව නුඹ දැනගෙන සිටියෙහිය;


ඉඳින් ව්‍යවස්ථාවෙහි කියනලද සියල්ලම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියනලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන්වහන්සේගේ විනිශ්චයට යටත්කරනු ලබන පිණිසත්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්