Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 12:19 - Sinhala Revised Old Version

19 ඔහු ඩබරකරන්නේවත් මොරගසන්නේවත් නැත; ඔහුගේ හඬද වීථිවල කිසිවෙකුට නොඇසෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඔහු කලහ කරන්නේ නැත: මොරගසන්නේ නැත; ඔහුගේ කටහඬ ද වීදිවල කිසිවෙකුට ඇසෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 ඔහු දබර කරන්නේවත්, මොරහඬ නගන්නේවත් නැත; ඔහුගේ කටහඬ වීදිවලදී කිසිවකුට ඇසෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඔහු කලහ කරන්නේ නැත: මොරගසන්නේ නැත; ඔහුගේ කටහඬ ද වීදිවල කිසිවෙකුට ඇසෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 12:19
8 හුවමාරු යොමු  

මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.


ඉදිරියෙහි සිටින කල නුඹලා අතරෙහි යටහත්වූ, ඈත්ව සිටින කල නුඹලා කෙරෙහි නිර්භීතවූ පාවුල් නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ මෘදුකම සහ මොළොක් ගුණය නිසා නුඹලාගෙන් ඉල්ලීමක් කරමි.


දෙවියන්වහන්සේගේ රාජ්‍යය කොයි කලක එන්නේදැයි ඵරිසිවරුන් විසින් ඇසූ බැවින් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය පෙරහැර සහිතව නොඑන්නේය.


සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්‍රීතිමත්වෙන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක.


ඔහු මොර නොගසන්නේය. ස්වකීය හඬ නොනගන්නේය, වීථියෙහි එය ඇසෙන්ට නොදෙන්නේය.


ඔහු විනිශ්චය ජයට පමුණුවන තුරු, තැළුණු බටලීයක් බිඳින්නේවත් දුම්නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්