Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 11:8 - Sinhala Revised Old Version

8 නුමුත් කුමක් බලන්ට ගියහුද? සිහින් වස්ත්‍ර පැළඳගත් මනුෂ්‍යයෙක්ද? බලව, සිහින් වස්ත්‍ර අඳින්නෝ රජ ගෙවල සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 නැතහොත් කුමක් බලන්න ගියහු ද? පට පිළියෙන් සැරසුණු මනුෂ්‍යයෙක් ද? බලන්න, පට පිළියෙන් සැරසුණු අය රජ මැදුරුවල සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 එසේ නම්, ඔබ ගියේ කුමක් බලන්න ද? සිනිඳු සේල සළු පිළි හැඳි මිනිසකු බලන්න ද? නැත, සිනිඳු සළු පිළි හැඳි අය සිටින්නේ රජ මාලිගාවලයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 නැතහොත් කුමක් බලන්න ගියහු ද? පට පිළියෙන් සැරසුණු මනුෂ්‍යයෙක් ද? බලන්න, පට පිළියෙන් සැරසුණු අය රජ මැදුරුවල සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 11:8
11 හුවමාරු යොමු  

මෙම යොහන් ඔටුරෝම වස්ත්‍ර හැඳ, ඉඟටියේ හම්පටියක් බැඳ සිටියේය; ඔහුගේ කෑම වූයේ පළඟැටියන් හා වනමීය.


ඒ කාලයේදී අනාගතවක්තෘවරුන් අනාගතවාක්‍ය කියන විට එකිනෙකා තම තමාගේ දර්ශනය ගැන ලජ්ජාවෙනවා ඇත; රවටන පිණිස ඔවුන් රෝමමය සළුවක් අඳින්නෙත් නැත.


ස්වාමීන්වහන්සේ ආමොස්ගේ පුත්‍රවූ යෙසායා ලවා කථාකරමින්: නුඹ ගොස් නුඹේ ඉඟටියෙන් ගෝණි රෙද්ද මුදා නුඹේ පාදවලින් වහන් ගළවන්නැයි කීසේක. ඔහු එසේ කොට වස්ත්‍රද වහන්ද නැතුව ඇවිද්දේය.


ඔව්හු ඔහුට උත්තරදෙමින්: ඔහු ලෝම වස්ත්‍රයක් ඇඳ ඉඟටියෙහි සම්පටියක් බැඳගත් මනුෂ්‍යයෙකැයි කීවෝය. ඔහු: ඒ තිෂ්බිය එලියායයි කීවේය.


තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනාට (බලය) දෙන්නෙමි, ඔව්හු එක්දහස් දෙසිය සැට දවසක් ගෝණිරෙදි හැඳ, අනාගතවාක්‍ය කියන්නෝයයි කීවේය.


වැඩ සහ වෙහෙසීම්වලටද, නොයෙක්විට නිදිමැරීමටද, ක්ෂුධාව සහ පිපාසයටද, නොයෙක්විට නිරාහාරව සිටීමටද, ශීතලයටද, නග්නභාවයටද පැමිණියෙමි.


මේ පැය දක්වාම ශුධාවද පිපාසායද විඳ, වස්ත්‍ර නැතුව, පහර ලැබ, නියම වාසස්ථානයක් නැතුව සිටිමුව.


නුඹලා අතරේ බොහෝ සැපෙන් සිටි සුමුදු මනුෂ්‍යයා වනාහි, නුඹේ සතුරන් විසින් නුඹේ සියලු නුවර දොරටුවලදී නුඹ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී,


ඔවුන් යද්දී යේසුස්වහන්සේ යොහන් ගැන සමූහයන්ට කථාකරන්ට පටන්ගෙන: නුඹලා කුමක් බලන්ට වනයට ගියහුද? සුළඟින් සෙලවෙන බට ගසක්ද?


නුමුත් කුමකට පිටත්ව ගියහුද? අනාගතවක්තෘ කෙනෙකු බලන්ටද? එසේය, නුඹලාට කියමි: අනාගතවක්තෘ කෙනෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙක්ය.


නුමුත් කුමක් බලන්ට ගියහුද? සිහින් වස්ත්‍ර පැළඳගත් මනුෂ්‍යයෙක්ද? බලව, අලංකාර වස්ත්‍ර හැඳ සැපජීවිකාවෙන් සිටින්නෝ රාජමාළිගාවල සිටිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්