Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 1:24 - Sinhala Revised Old Version

24 එවිට යෝසෙප් නින්දෙන් පිබිද, ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට අණකළ ලෙස කරනුයේ, තමාගේ භාර්යාව පාවාගත්තේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස, සිය බිරිඳ කැන්දාගෙන ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 යෝසෙප් නින්දෙන් අවදි වූ පසු, ස්වාමින්වහන්සේගේ දූතයා ඔහුට අණ කළ පරිදි කරමින්, ඇය තම භාර්යාව කොට ආවාහ කරගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස, සිය බිරිඳ කැන්දාගෙන ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 1:24
18 හුවමාරු යොමු  

මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය.


ඔව්හු සම්මුඛවීමේ කූඩාරම ඇතුළට ගිය කල්හිද පූජාසනයට ළංවූ කල්හිද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස සෝදාගත්තෝය.


ඊ පිට සුගන්ධ ධූප ද්‍රව්‍ය දැවීය.


ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පහන් දැල්විය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු මණ්ඩපය මතුපිටින් කූඩාරම අතුරා ඊට උඩින් කූඩාරමේ වැස්ම තැබීය.


මෝසෙස් මෙසේ කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ තමාට අණකළ සියල්ල ලෙස කෙළේය.


නෝවා ස්වාමීන්වහන්සේ තමාට අණ කළ සියල්ල ලෙස කෙළේය.


නෝවා එසේ කෙළේය; දෙවියන්වහන්සේ ඔහුට අණ කළ සියල්ල ලෙස ඔහු කෙළේය.


ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ ලවා කියෙවු කීම සම්පූර්ණවන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි.


නුමුත් ඈ පුත්‍රයෙකු බිහිකරන තුරු ඔහු ඈ නොහැඳින්නේය. ඔහු උන්වහන්සේට යේසුස් යන නාමය තැබීය.


නුමුත් ස්වාමීන්වහන්සේගේ දූතයෙක් රාත්‍රියේ හිරගෙයි දොරවල් ඇර ඔවුන් පිටතට ගෙනැවිත්:


එවිට ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ඔහු ළඟ සිටියේය, ආලෝකයක් කාමරයෙහි බැබළුණේය. ඔහු පේතෘස්ගේ ඇළයට ගසා, ඔහු පුබුදුවමින්: ඉක්මනින් නැගිටින්නැයි කීය. ඔහුගේ දම්වැල් අත්වලින් ගැළවී වැටුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්