Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විලාප ගී 4:18 - Sinhala Revised Old Version

18 අපේ වීථිවල අපට යන්ට බැරිවන ලෙස ඔව්හු අපේ අඩිපාරේ එළවති. අපේ අන්තිමය ආසන්නය, අපේ දවස් තීන්දුය; මක්නිසාද අපේ අන්තිමය පැමුණුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 අපේ වීදිවල අපට යන්න බැරි වන ලෙස අපේ සතුරෝ අපේ යාම් ඊම් සෝදිසියෙන් බලා සිටියහ. අපේ අන්තිමය ආසන්න ය; අපේ ඉරණම තීන්දු ය; මන්ද, අපේ අන්තිමය පැමිණ ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 අපේ වීදිවල අපට යන්න බැරි වන ලෙස අපේ සතුරෝ අපේ යාම් ඊම් සෝදිසියෙන් බලා සිටියහ. අපේ අන්තිමය ආසන්න ය; අපේ ඉරණම තීන්දු ය; මන්ද, අපේ අන්තිමය පැමිණ ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විලාප ගී 4:18
16 හුවමාරු යොමු  

උන්වහන්සේ: ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක්දැයි මාගෙන් ඇසූසේක. මමද: ඉදුණු ඵල පෙට්ටියක්යයි කීවෙමි. එකල ස්වාමීන්වහන්සේ: මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට අන්තිමය පැමිණ තිබේ; මම නැවත තවත් ඔවුන්ට අච්චු නොකර නොසිටින්නෙමි.


නිෂ්කාරණයේ මට සතුරුව සිටින අය මා කුරුල්ලෙකු මෙන් තදින් එළෙවුවෝය.


බලව, ඔවුන් අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝදෙනෙකු එවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඉන්පසු සියලු කඳුවලද සියලු හෙල්වලද පර්වත විවරවලද ඔවුන් දඩයම්කරන පිණිස බොහෝ දඩයක්කාරයන් එවන්නෙමි.


මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශය කථාකොට-ඔහු දකින දර්ශනය ඉෂ්ටවෙන්ට බොහෝ දවස් යන්නේය, ඔහු අනාගතවාක්‍ය කියන්නේ දුර කාලවල් ගැනයයි කියති.


මක්නිසාද: බබිලොන් දුව මඩිනු ලබන කලවිටක් මෙන්ය; තව ටිකකින් ගොයම් කපන කාලය ඈට පැමිණේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


එවිට ස්වාමීන්වහන්සේ: නුඹට පෙනුණා හරිය. මක්නිසාද මාගේ වචනය ඉෂ්ටකරන පිණිස මම ඒ ගැන පිබිද සිටිමියි මට කීසේක.


නපුරුවූ කේලාම්කාර මනුෂ්‍යයා පොළොවෙහි ස්ථිර නොවන්නේය. බලාත්කාරකරන්නා හෙළන පිණිස නපුර ලුහුබඳින්නේය.


මාගේ හිස එසෙවුවොත් ඔබ සිංහයෙකු මෙන් මා පස්සේ එළවා, නැවත පුදුම ලෙස මා කෙරෙහි බලය පානසේක.


ඉශ්‍රායෙල්වරුන්ගේ රජතුමා කා පස්සේ පිටත්ව ආවේද? ඔබ කා පස්සේ එළවාගෙන එනවාද? මළ බල්ලෙක් පස්සේය, බලුමැක්කෙක් පස්සේය.


අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?


ඔහු බෙන්යමින් දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත්‍රවූ ෂෙලෙමියාගේ පුත්‍රයා වන ඉරියා නම්වූ මුරපළේ මුළාදෑනියෙක් එහි සිටියේය; ඔහු අනාගතවක්තෘවූ යෙරෙමියා අල්ලාගෙන: නුඹ කල්දිවරුන්ට එකතුවෙන්ට යන්නෙහියයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්