Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විලාප ගී 2:12 - Sinhala Revised Old Version

12 නුවර වීථිවල තුවාලවූවන් මෙන් ඔව්හු ක්ලාන්තවෙමින්, තමුන්ගේ ප්‍රාණ තමුන්ගේ මවුවරුන්ගේ ළයෙහි වගුරුවන කල්හි, ධාන්‍ය සහ මුද්‍රිකපානයත් කොයිදැයි තමුන්ගේ මවුවරුන්ට කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 තුවාළ වූවන් මෙන් නුවර වීදිවල ඔවුන් ක්ලාන්ත වන විට, තමන්ගේ මවුවරුන්ගේ ළයෙහි පණ අදින විට, ‘ධාන්‍ය සහ මිදියුස කොයි දැ’යි ඔව්හු තම මවුවරුන්ගෙන් කෑගසා අසති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 තුවාළ වූවන් මෙන් නුවර වීදිවල ඔවුන් ක්ලාන්ත වන විට, තමන්ගේ මවුවරුන්ගේ ළයෙහි පණ අදින විට, ‘ධාන්‍ය සහ මිදියුස කොයි දැ’යි ඔව්හු තම මවුවරුන්ගෙන් කෑගසා අසති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විලාප ගී 2:12
9 හුවමාරු යොමු  

මම බබිලෝනියේ රජුගේ බාහු බලවත්කොට, මාගේ කඩුව ඔහු අතට දෙන්නෙමි. ඵාරාවෝගේ බාහු බිඳින්නෙමි, ඔහු මරණීය තුවාල ලත් කෙනෙකුගේ කෙඳිරිගෑම්වලින් ඒ අය ඉදිරියෙහි කෙඳිරිගානවා ඇත.


එබැවින් මම බොහෝ දෙනෙකු අතරෙහි උන්වහන්සේට කොටසක් බෙදාදෙන්නෙමි, බලවන්තයන් සමඟද උන්වහන්සේ කොල්ලය බෙදාගන්නවා ඇත; මෙසේ වන්නේ තමන් ප්‍රාණය මරණයට වගුරුවා දී, වරදකාරයන් සමඟ ගණන්ගනු ලැබ, උන්වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප උසුලාගත් නිසාය, වරදකාරයන් උදෙසාද උන්වහන්සේ මැදහත්කම්කරනසේක.


දැන් මාගේ ආත්මය මා තුළ වැගිරෙයි; විපත්ති දවස් මා අල්ලාගත්තේය.


මංගල්‍ය පවත්වන සමූහයකට පෙරටුව, ප්‍රීති ප්‍රශංසා ශබ්ද සහිතව, ඔවුන් කැටුව දේවමන්දිරයට ගිය ආකාරය සිහිකරමින්, මාගේ ආත්මය වගුරුවමි.


ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්; උන්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය.


ඔවුන් නුඹේ පුත්‍රයන්ද දූවරුන්ද විසින් කන්ට යුතුවූ නුඹේ අස්වැන්නද නුඹේ ආහාරද කා දමනවා ඇත. ඔවුන් නුඹේ බැටළුවන්ද නුඹේ ගවයන්ද කා දමනවා ඇත; නුඹේ මිදිවැල්ද නුඹේ අත්තික්කා ගස්ද කා දමනවා ඇත; නුඹ විශ්වාසකරන නුඹේ බලකොටු නුවරවල් ඔවුන් කඩුවෙන් නටබුන්කරනවා ඇත.


කිරිදරුවාගේ දිව පිපාසය නිසා තල්ලේ ඇලෙයි. ළමයි කෑම ඉල්ලති, කිසිවෙක් ඔවුන්ට කඩා නොදෙයි.


නුඹේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ කෝපය වන නුඹේ දෙවියන්වහන්සේගේ තරවටුකිරීමෙන් පිරී, ක්ලාන්තවී, දැලක අසුවුණ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති.


ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති; පණ රැකගන්න පිණිස ඔව්හු තමුන්ගේ ප්‍රිය දේ ආහාර වෙනුවට දුන්නෝය. ස්වාමීන්වහන්ස, මා නීචවී සිටින බව බලා සැලකුව මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්