Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 9:8 - Sinhala Revised Old Version

8 එක් කලෙක ගස් තමුන් කෙරෙහි රජෙකු පත්කර ගන්ට ගොස්–නුඹ අප කෙරෙහි රජවුණමැනවියි ඔලීව වෘක්ෂයට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එක් කලෙක වෘක්ෂයෝ තමන් කෙරෙහි රජෙකු පත් කරගන්නට ගිය හ. ඒ වෘක්ෂයෝ, ‘ඔබ අප කෙරෙහි රජ වුණ මැනවැ’යි ඔලීව වෘක්ෂයට කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එක් කලෙක වෘක්ෂයෝ තමන් කෙරෙහි රජෙකු පත් කරගන්නට ගිය හ. ඒ වෘක්ෂයෝ, ‘ඔබ අප කෙරෙහි රජ වුණ මැනවැ’යි ඔලීව වෘක්ෂයට කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 9:8
8 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ් උත්තරදෙමින්: නුඹේ දුව මාගේ පුතාට භාර්යාකොට දෙන්නැයි ලෙබනොන්හිවූ ගොකටුගස ලෙබනොන්හිවූ කිහිරි ගසට කියා ඇරියේය. නුමුත් ලෙබනොන්හි වන මෘගයෙක් ඒ ළඟින් යන විට කටු ගස පාගාදැමුවේය.


ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ් උත්තරදෙමින්: නුඹේ දුව මාගේ පුත්‍රයාට භාර්යා කොට පාවාදෙන්නැයි ලෙබනොන්හි තිබෙන ගොකටු ගස ලෙබනොන්හි තිබෙන කිහිරි ගසට කියා ඇරියේය. නුමුත් ලෙබනොන්හි වනමෘගයෙක් එහි යන විට ගොකටු ගස පාගාදැමීය.


ඉඳින් පාදය: මම අත නොවන බැවින් ශරීරයට අයිති නොවෙමියි කීවත් ඒ නිසා ශරීරයට අයිති නොවන්නේ නොවේ.


ඔවුන් එය යෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිසීම් කන්ද මුදුනේ සිට ශබ්දනගා මොරගසමින්: ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන්වහන්සේ නුඹලාට ඇහුම්කන්දෙන පිණිස නුඹලා මට ඇහුම්කන්දෙන්න.


නුමුත් ඔලීව වෘක්ෂය ඒවාට කථාකොට–දෙවියන්වහන්සේද මනුෂ්‍යයන්ද මා කරණකොටගෙන ගෞරව ලබන්ට හේතුවූ මාගේ සාරකම් අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්