Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 9:5 - Sinhala Revised Old Version

5 ඔහු ඔප්‍රාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් යෙරුබ්බාල්ගේ පුත්‍රවූ තමාගේ සහෝදරයන් වන මිනිසුන් සැත්තෑදෙනෙක් එක ගලක් පිට මැරුවේය. නුමුත් යෙරුබ්බාල්ගේ බාල පුත්‍රයාවූ යෝතාම් ඉතුරුවිය; මක්නිසාද ඔහු සැඟවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඔහු ඔප්‍රාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් වන තමාගේ ම සහෝදරයන් සැත්තෑදෙනා එක ගලක් මත මැරුවේ ය. එහෙත්, ජෙරුබ්බාල්ගේ බාල ම පුත්‍රයා වන ජෝතාම් සැඟ වී සිටි බැවින් නොමැරී බේරුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔහු ඔප්‍රාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් වන තමාගේ ම සහෝදරයන් සැත්තෑදෙනා එක ගලක් මත මැරුවේ ය. එහෙත්, ජෙරුබ්බාල්ගේ බාල ම පුත්‍රයා වන ජෝතාම් සැඟ වී සිටි බැවින් නොමැරී බේරුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 9:5
15 හුවමාරු යොමු  

යෙහෝරාම්ද තමාගේ පියාගේ රාජ්‍යයට පැමිණ බලවත්වූ කල, තමාගේ සියලු සහෝදරයන්ද ඉශ්‍රායෙල්හි සමහර අධිපතීන්ද කඩුවෙන් මැරීය.


එවිට ගිඩියොන් එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, යෙහෝවා-ෂාලොම් යන නාමය ඊට තැබුවේය. එය අද දවස දක්වා අබියෙශ්‍රීවරුන්ට අයිති ඔප්‍රාහි තිබේ.


නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඉශ්‍රායෙල් දේශයට යන්න. මක්නිසාද ළදරුවාගේ ජීවිතය නසන්ට සෙවූ අය මළෝයයි කීවේය.


එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, ඉතා උදහස්ව, ඔවුන්ගෙන් හරියාකාර දැනගත් කාලයේ හැටියට, මනුෂ්‍යයන් යවා, බෙත්ලෙහෙම්හිද එහි සියලු සීමාවලද සිටි දෑවුරුදු වයස්වූද ඊට බාලවූද සියලු පිරිමි දරුවන් මැරෙවුවේය.


ඔහු සමාරියට ආ කල ස්වාමීන්වහන්සේ එලියා ලවා කී වචනය ලෙස සමාරියෙහි ආහබ්ගෙන් ඉතුරුව සිටි සියල්ලන් ඔහුගේ වංශය විනාශවනතුරු මරාදැමුවෝය.


නුඹලාට කොයි එක වඩා හොඳද–යෙරුබ්බාල්ගේ සියලු පුත්‍රයන් එනම් සැත්තෑදෙනෙක් නුඹලා කෙරෙහි අධිපතිකම්කිරීමද නොහොත් එක්කෙනෙක් නුඹලා කෙරෙහි අධිපතිකම්කිරීමද කියා ෂෙකෙම්හි සියලු වැසියන් ඉදිරියෙහි කථාකරනලෙස නුඹලාගෙන් ඉල්ලමි; මා වනාහි නුඹලාගේ ඇට හා මාංසය බවත් සිහිකරන්නැයි කීවේය.


ගිඩියොන්ට දාව උපන් පුත්‍රයෝ සැත්තෑදෙනෙක් වූහ. මක්නිසාද ඔහුට බොහෝ භාර්යාවෝ සිටියෝය.


ෂෙකෙම්හි සියලු වැසියෝද මිල්ලෝහි සියලු වැසියෝද එක්ව ගොස් ෂෙකෙම්හි තිබුණු කණුව අසල අලෝන වෘක්ෂය ළඟදී අබිමෙලෙක් රජකමට පත්කළෝය.


නුමුත් නුඹලා අද මාගේ පිය වංශයට විරුද්ධව නැගිට ඔහුගේ පුත්‍රයන් සැත්තෑදෙනෙක් එක ගලක් පිට මරා ඔහුගේ දාසියගේ පුත්‍රවූ අබිමෙලෙක් නුඹලාගේ සහෝදරයා බැවින් ඔහු ෂෙකෙම්හි වැසියන් කෙරෙහි රජකමට පත්කළහුය.


තවද ඒ ලියුම ඔවුන්ට ලැබුණු කල ඔව්හු රජුගේ පුත්‍රයන් අල්වා, හැත්තෑ දෙනෙක් වූ ඔවුන් මරා, ඔවුන්ගේ හිස් පැස්වල දමා, ඔහු වෙතට යෙස්‍රෙයෙල්ට යැවුවෝය.


ස්වාමීන්වහන්සේගේ දූතයා ඇවිත් අබියෙශ්‍රීය යෝවාෂ්ට අයිතිවූ ඔප්‍රාහි තිබෙන අලෝන ගස යට හිඳගත්තේය. යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඩිමින් සිටියේය.


එබැවින් නුඹේ ජීවිතයත් නුඹේ පුත්‍රවූ සාලමොන්ගේ ජීවිතයත් නුඹ විසින් ආරක්ෂාකරගන්න පිණිස නුඹට දැනමුතුකමක් දෙන්ට මට අවසර ලැබේවා.


එසේ නොකළොත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමන්ගේ පියවරුන් සමඟ සැතපුණාම මාද මාගේ පුත්‍රවූ සාලමොන්ද වරදකාරයන් වෙනවා ඇතැයි ඔහුට කීවාය.


ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ඈ සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේය. අතලියා දේශය කෙරෙහි රජකම්කළාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්