Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 9:43 - Sinhala Revised Old Version

43 ඔහු සෙනඟ කැඳවා කණ්ඩායම් තුනකට බෙදා පිටත සැඟවී සිටියේය; සෙනඟ නුවරින් පිටතට එනවා ඔහු දුටු කල ඔවුන්ට විරුද්ධව නැගිට ඔවුන්ට පහරදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 ඔහු සෙනඟ කැඳවා කණ්ඩායම් තුනකට බෙදා පිටත සැඟවී සිටියේ ය. සෙනඟ නුවරින් පිටතට එන බව ඔහු දුටු විට, ඔහු ඔවුන්ට විරුද්ධ ව නැඟී අවුත් ඔවුන්ට පහර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 ඔහු සෙනඟ කැඳවා කණ්ඩායම් තුනකට බෙදා පිටත සැඟවී සිටියේ ය. සෙනඟ නුවරින් පිටතට එන බව ඔහු දුටු විට, ඔහු ඔවුන්ට විරුද්ධ ව නැඟී අවුත් ඔවුන්ට පහර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 9:43
4 හුවමාරු යොමු  

පසුව දා සෙනඟ පිටතට ගියෝය; ඒ බව අබිමෙලෙක්ට දන්වන ලද්දේය.


අබිමෙලක්ද ඔහු සමඟ සිටි කණ්ඩායම්ද ඉදිරියට දුව ගොස් නුවරට ඇතුල්වෙන දොරකඩ සිටියෝය. කණ්ඩායම් දෙකක්ද පිටත සිටි සියල්ලන් ළඟට දුවගොස් ඔවුන්ට පහරදුන්නෝය.


පසුවදා සාවුල් සෙනඟ කණ්ඩායම් තුනකට බෙදුවේය; ඔව්හු එළිවන සාමයෙහි අම්මොනිවරුන්ගේ කඳවුර මැදට පැමිණ ඉර මුදුන් වේලාව දක්වා අම්මොනිවරුන්ට පහර දුන්නෝය. තවද දෙදෙනෙක් එක තැනක නොසිටින හැටියට ඉතිරිවුණ අය විසුරුවනු ලැබූහ.


තවද දාවිත් සෙනඟගෙන් තුනෙන් කොටසක් යෝවාබ් යටතේද තුනෙන් කොටසක් ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි යටතේද තුනෙන් කොටසක් ගිත්තිය ඉත්තයි යටතේද පිටත්කර හැරියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්