Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 9:33 - Sinhala Revised Old Version

33 එවිට ඔහුද ඔහු සමඟ සිටින සෙනඟද නුඹට විරුද්ධව පිටතට ආ කල්හි ප්‍රස්ථාවේ හැටියට ඔවුන්ට කරන්නැයි කියන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 ඉර උදා වූ වහා ම නැඟිට, නුවර ආක්‍රමණය කරන්න. එවිට ඔහු ද ඔහු සමඟ සිටින සෙනඟ ද ඔබට විරුද්ධ ව පිටතට ආ කල්හි ප්‍රස්තාවෝචිත ලෙස ඔවුන්ට කළ යුතු දේ කරන්නැ”යි කියන්නට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 ඉර උදා වූ වහා ම නැඟිට, නුවර ආක්‍රමණය කරන්න. එවිට ඔහු ද ඔහු සමඟ සිටින සෙනඟ ද ඔබට විරුද්ධ ව පිටතට ආ කල්හි ප්‍රස්තාවෝචිත ලෙස ඔවුන්ට කළ යුතු දේ කරන්නැ”යි කියන්නට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 9:33
6 හුවමාරු යොමු  

මේ ලකුණු නුඹට පැමිණි කල නුඹ ප්‍රස්තාවේ හැටියට ක්‍රියාකරන්න; මක්නිසාද දෙවියන්වහන්සේ නුඹ සමඟ සිටිනසේක.


කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.


නුඹේ වැඩකාරයන් ගෙන් ඇසුවොත් ඔවුන් නුඹට කියනවා ඇත. ඒ නිසා යෞවනයන්ට නුඹේ ඇස් හමුවෙහි කරුණාව ලැබේවා; මක්නිසාද අපි හොඳ දවසකදී ආවෙමුව. නුඹේ මෙහෙකරුවන්ටත් නුඹේ පුත්‍රවූ දාවිත්ටත් නුඹට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමියි කියන්නැයි කීවේය.


එසේ යමෙකුට මිදුම්කාරයෙක් නැති නුමුත් ඔහු පොහොසත්ව එය මුදාගැනීමට සෑහෙන පමණ වත්කම ලබාගත්තොත්,


එබැවින් නුඹ සහ නුඹ වෙත සිටින සෙනඟ රාත්‍රියේ පිටත්වී කෙතේ සැඟවී සිටි උදය ඉර උදාවූ වහාම නැගිට නුවරට විරුද්ධව පැමිණෙන්න.


අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද රාත්‍රියේ පිටත්ව ඇවිත් කණ්ඩායම් සතරකට බෙදී ෂෙකෙම්ට විරුද්ධව සැඟවී සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්