Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 9:28 - Sinhala Revised Old Version

28 එබෙද්ගේ පුත්‍රවූ ගයල් කථාකොට: අප විසින් සේවයකිරීමට අබිමෙලෙක් කවුද? ෂෙකෙම් කවුද? ඔහු යෙරුබ්බාල්ගේ පුතා නොවේද? ඔහුගේ අධිපතියා ශෙබූල් නොවේද? නුඹලා ෂෙකෙම්ගේ පියවූ හාමොර්ගේ මිනිසුන්ට මෙහෙකරන්න. නුමුත් අපි කුමක් පිණිස ඔහුට මෙහෙකරමුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඒබෙද්ගේ පුත් ගයල් කතා කොට, “අප විසින් අබිමෙලෙක්ට සේවය කරනු ලැබීමට ඔහු කවරෙක් ද? ෂෙකෙම් වැසියෝ කවුරු ද? අබිමෙලෙක් ජෙරුබ්බාල්ගේ පුත්‍රයා නොවේ ද? ඔහුගේ අධිපතියා ශෙබුල් නොවේ ද? අප ඔහුට සේවය කරන්නේ කුමට ද? ඔබේ ගෝත්‍රය පිහිටෙවු, ඔබේ පියා වූ හාමොර්ට පක්ෂපාත ව සිටින්න. එසේ නම්, අප ඔබට සේවය කළ යුත්තේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඒබෙද්ගේ පුත් ගයල් කතා කොට, “අප විසින් අබිමෙලෙක්ට සේවය කරනු ලැබීමට ඔහු කවරෙක් ද? ෂෙකෙම් වැසියෝ කවුරු ද? අබිමෙලෙක් ජෙරුබ්බාල්ගේ පුත්‍රයා නොවේ ද? ඔහුගේ අධිපතියා ශෙබුල් නොවේ ද? අප ඔහුට සේවය කරන්නේ කුමට ද? ඔබේ ගෝත්‍රය පිහිටෙවු, ඔබේ පියා වූ හාමොර්ට පක්ෂපාත ව සිටින්න. එසේ නම්, අප ඔහුට සේවය කළ යුත්තේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 9:28
8 හුවමාරු යොමු  

එවිට දේශයේ අධිපතිවූ හිවීය හාමොර්ගේ පුත් ෂෙඛෙම් ඈ දුටුවේය; ඔහු ඈ රැගෙන ඈ සමඟ සයනය කොට ඈ අපවිත්‍ර කෙළේය.


නාබල් දාවිත්ගේ මෙහෙකරුවන්ට උත්තරදෙමින්: දාවිත් කවුද? යෙස්සේගේ පුත්‍රයා කවුද? මේ කාලයේ තම තමුන්ගේ ස්වාමිවරුන් වෙතින් පලායන මෙහෙකරුවෝ බොහෝය.


ෂෙඛෙම්ගේ පියවූ හාමොර් යාකොබ් සමඟ කථාකරන පිණිස ඔහු වෙතට පිටතට ගියේය.


සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, නුඹලාගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්, නුඹ නුඹේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.


බෙන්යමියයෙක්වූ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ දුර්ජන මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු හොරණෑව පිඹ: දාවිත් තුළ කොටසක්වත් යෙස්සේගේ පුත්‍රයා තුළ කිසි උරුමයක්වත් අපට නැත. ඉශ්‍රායෙල්වරුනි, ඒ ඒ මනුෂ්‍යයා තම තමාගේ කූඩාරම්වලට යේවයි කීය.


තවද එබෙද්ගේ පුත්‍රවූ ගයල් තමාගේ සහෝදරයන් සමඟ ෂෙකෙම්ට පැමින්නේය. ෂෙකෙම් වැසියෝ ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.


ඔහු තමාගේ කූඩාරම පිහිටුවාගත් බිම් කැබෙල්ල ෂෙඛෙම්ගේ පියවූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී කෑලි සියයකට ගෙන


අබිමෙලෙක් අරුමාහි වාසයකෙළේය. ශෙබුල් වනාහි ගයල්ටද ඔහුගේ සහෝදරයන්ටද ෂෙකෙම්හි වාසයකරන්ට ඉඩනොදී ඔවුන් නෙරපාදැමුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්