Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 9:2 - Sinhala Revised Old Version

2 නුඹලාට කොයි එක වඩා හොඳද–යෙරුබ්බාල්ගේ සියලු පුත්‍රයන් එනම් සැත්තෑදෙනෙක් නුඹලා කෙරෙහි අධිපතිකම්කිරීමද නොහොත් එක්කෙනෙක් නුඹලා කෙරෙහි අධිපතිකම්කිරීමද කියා ෂෙකෙම්හි සියලු වැසියන් ඉදිරියෙහි කථාකරනලෙස නුඹලාගෙන් ඉල්ලමි; මා වනාහි නුඹලාගේ ඇට හා මාංසය බවත් සිහිකරන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “ෂෙකෙම්හි සියලු වැසියන්ගෙන් මෙසේ ප්‍රශ්න කරන්න, ‘ඔබට වඩා හොඳ සේ පෙනෙන්නේ කුමක් ද? ජෙරුබ්බාල්ගේ සියලු පුත්‍රයන් එනම්, සැත්තෑදෙනෙකු ඔබ කෙරෙහි අධිපතිකම් කිරීම ද නැතහොත් එක් කෙනෙකු අධිපතිකම් කිරීම ද?’ මා වනාහි ඔබේ ම ලේ නෑයෙකු බවත් සිහි කරන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “ෂෙකෙම්හි සියලු වැසියන්ගෙන් මෙසේ ප්‍රශ්න කරන්න, ‘ඔබට වඩා හොඳ සේ පෙනෙන්නේ කුමක් ද? ජෙරුබ්බාල්ගේ සියලු පුත්‍රයන් එනම්, සැත්තෑදෙනෙකු ඔබ කෙරෙහි අධිපතිකම් කිරීම ද නැතහොත් එක් කෙනෙකු අධිපතිකම් කිරීම ද?’ මා වනාහි ඔබේ ම ලේ නෑයෙකු බවත් සිහි කරන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 9:2
8 හුවමාරු යොමු  

ගිඩියොන්ට දාව උපන් පුත්‍රයෝ සැත්තෑදෙනෙක් වූහ. මක්නිසාද ඔහුට බොහෝ භාර්යාවෝ සිටියෝය.


සැබවින් නුඹ මාගේ ඇට සහ මාංසයත්යයි ලාබන් ඔහුට කීවේය. ඔහු මාසයක් ඔහු සමඟ විසුවේය.


එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට,


එකල සියලු ඉශ්‍රායෙල්වරු හෙබ්‍රොන්හි සිට දාවිත් වෙතට රැස්වී කථාකොට: අපි ඔබගේ ඇටද මාංසයද වමුව.


මක්නිසාද අපි උන්වහන්සේගේ ශරීරයේ අවයවයෝය.


තවද අමාසාට කථාකොට: නුඹ මාගේ ඇට සහ මාංශයත් නොවේද? නුඹ යෝවාබ් වෙනුවට සෑමකල්හිම මා ඉදිරියෙහි සේනාපතියාව සිටින්ට නොයෙදුණොත් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කියන්නැයි කියා ඇරියේය.


ඔහු ඔප්‍රාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් යෙරුබ්බාල්ගේ පුත්‍රවූ තමාගේ සහෝදරයන් වන මිනිසුන් සැත්තෑදෙනෙක් එක ගලක් පිට මැරුවේය. නුමුත් යෙරුබ්බාල්ගේ බාල පුත්‍රයාවූ යෝතාම් ඉතුරුවිය; මක්නිසාද ඔහු සැඟවුණේය.


නුමුත් නුඹලා අද මාගේ පිය වංශයට විරුද්ධව නැගිට ඔහුගේ පුත්‍රයන් සැත්තෑදෙනෙක් එක ගලක් පිට මරා ඔහුගේ දාසියගේ පුත්‍රවූ අබිමෙලෙක් නුඹලාගේ සහෝදරයා බැවින් ඔහු ෂෙකෙම්හි වැසියන් කෙරෙහි රජකමට පත්කළහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්