Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 8:29 - Sinhala Revised Old Version

29 යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරුබ්බාල් ගොස් තමාගේම ගෙදර වාසයකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ජෝවාෂ්ගේ පුත් ජෙරුබ්බාල් හෙවත් ගිඩියොන් තමාගේ ම ගෙදරට ගොස් එහි වාසය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ජෝවාෂ්ගේ පුත් ජෙරුබ්බාල් හෙවත් ගිඩියොන් තමාගේ ම ගෙදරට ගොස් එහි වාසය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 8:29
5 හුවමාරු යොමු  

එවිට යෙරුබ්බාල් නම්වූ ගිඩියොන්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද අලුයම නැගිට හාරොද්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝය. මිදියන් කඳවුරු ඔවුන්ට උතුරෙන් මෝරේගේ කන්ද ළඟ මිටියාවතෙහි තිබුණේය.


ඔහු බාල්ගේ පූජාසනය කඩාදැමූ නිසා බාල්ම ඔහුට විරුද්ධව කාරණා කියාවයි කියා ඒ දවසේදී ඔහුට යෙරුබ්බාල් යන නම තැබුවේය.


ස්වාමීන්වහන්සේ යෙරුබ්බාල්ද බෙදාන්ද යෙප්තාද සාමුවෙල්ද එවා වටකර සිටි නුඹලාගේ සතුරන්ගේ අතින් ගැළවූසේක, එවිට නුඹලා සුරක්ෂිතව වාසයකළහුය.


මෙසේ මිදියන්වරු ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි යටත්කරනු ලැබුවාහු තමුන්ගේ ඉස් තවත් නොඑසෙවුවෝය. දේශයද ගිඩියොන්ගේ දවස්වලදී සතළිස් අවුරුද්දක් නිශ්චලව තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්