Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 8:16 - Sinhala Revised Old Version

16 ඔහු නුවර වැඩිමහල්ලන් අල්ලා වනයේ කටුගස්ද වේරෑන්ද අරන් එයින් සුක්කොත්හි මිනිසුන් මට්ටුකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඔහු නගරයේ ප්‍රජා මූලිකයන් අල්ලා වනයේ කටු ගස් ද ගොකටු ද රැගෙන එයින් සුක්කොත්හි මිනිසුන් මට්ටු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඔහු නගරයේ ප්‍රජා මූලිකයන් අල්ලා වනයේ කටු ගස් ද ගොකටු ද රැගෙන එයින් සුක්කොත්හි මිනිසුන් මට්ටු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 8:16
7 හුවමාරු යොමු  

ගිඩියොන්ද: ස්වාමීන්වහන්සේ සෙබාද ශල්මුන්නාද මා අතට පාවාදුන් විට මම නුඹලාගේ මාංසය වනයේ කටුවලින්ද වේරෑන්වලින්ද ඉරාදමන්නෙමියි කීවේය.


ඔවුන්ගෙන් වඩා හොඳ අය කටුගසක් වාගේය. වඩා අවංක අයද කටු වැටකට වඩා නරකය. නුඹේ මුරකාරයන් විසින් කීවාවූ නුඹේ දඬුවමේ දවස පැමිණ තිබේ; දැන් ඔවුන්ගේ වියවුල්කම වන්නේය.


අඥානයන්ගේ පිටට පහරද පිළියෙළකර තිබේ.


නුවණ ඇත්තාගේ තොල්වල ප්‍රඥාව සම්බවේ. එහෙත් තේරුම්නැත්තාගේ පිටට ඉපලක් ඇත්තේය.


පාහත්-මෝවබ්ගේ පුත්‍රයෝවූ යේෂුවාගේද යෝවාබ්ගේද පුත්‍රයෝ දෙදාස් අටසිය දොළොස් දෙනෙක්ය.


ඔහු සුක්කොත්හි මනුෂ්‍යයන් ළඟට ඇවිත් ඔවුන්ට කථාකොට: නුඹේ වෙහෙසවූ මිනිසුන්ට අප විසින් කෑම දෙන්ට සෙබාද ශල්මුන්නාද දැන් නුඹ අතට අසුවී සිටිනවාද කියා නුඹලා විසින් යමෙකු ගැන මට සරදම්කර කීවාද ඒ සෙබාද ශල්මුන්නාද මෙන්න බලන්නැයි කීය.


ඔහු පෙනුයෙල්හි කොටුවත් බිඳදමා නුවර මිනිසුන් මැරුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්