Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 7:25 - Sinhala Revised Old Version

25 ඔව්හු මිදියන්ගේ අධිපතීන් දෙදෙනා වන ඔරෙබ්ද ශීබ්ද අල්ලාගෙන ඔරෙබ් පර්වතය ළඟදී ඔරෙබ් මරා, ශීබ්හි මිදි යන්ත්‍රය ළඟදී ශීබ්ද මරා, මිදියන්වරුන් පස්සේ එළවාගන ගියෝය. තවද ඔරෙබ්ගේද ශීබ්ගේද හිස් යොර්දානෙන් එගොඩ ගිඩියොන් වෙතට ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඔව්හු මිදියන්වරුන්ගේ අධිපතීන් දෙදෙනා වන ඔරෙබ් ද ශීබ් ද අල්ලාගෙන, ඔරෙබ් නම් පර්වතය ළඟ දී ඔරෙබ් ද ශීබ්හි ඇති මිදි යන්ත්‍රය ළඟ දී ශීබ් ද මරාදමා, මිදියන්වරුන් පස්සේ එළවාගෙන ගියෝ ය. ඔව්හු ඔරෙබ්ගේ ද ශීබ්ගේ ද හිස් දෙක ජොර්දානෙන් එතෙර සිටි ගිඩියොන් වෙත ගෙනාවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඔව්හු මිදියන්වරුන්ගේ අධිපතීන් දෙදෙනා වන ඔරෙබ් ද ශීබ් ද අල්ලාගෙන, ඔරෙබ් නම් පර්වතය ළඟ දී ඔරෙබ් ද ශීබ්හි ඇති මිදි යන්ත්‍රය ළඟ දී ශීබ් ද මරාදමා, මිදියන්වරුන් පස්සේ එළවාගෙන ගියෝ ය. ඔව්හු ඔරෙබ්ගේ ද ශීබ්ගේ ද හිස් දෙක ජොර්දානෙන් එතෙර සිටි ගිඩියොන් වෙත ගෙනාවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 7:25
7 හුවමාරු යොමු  

සේනාවල ස්වාමීන්වහන්සේ ඕරෙබ් පර්වතය ළඟදී මිදියන් මරාදැමූ ලෙස, ඔහුට විරුද්ධව ‍කසයක් ඔසවා තමන්ගේ සැරයටිය මුහුදට උඩින් තබනවා ඇත, මිසරයේදී කළාක් මෙන් එය ඔසවනවා ඇත.


මහත් ගල් ගොඩක්ද ඔහු පිට ගොඩගැසූහ, එය අද දවස දක්වා තිබේ; ස්වාමීන්වහන්සේ තමන්ගේ බලවත් උදහසෙන් හැරුණුසේක, එබැවින් ඒ ස්ථානයට අද දවස දක්වා ආකොර් මිටියාවතයයි කියනලද්දේය.


මක්නිසාද ඔහුගේ බරවූ වියගහද ඔහුගේ කරේ දණ්ඩද ඔහුගේ පීඩාකාරයාගේ යෂ්ටියද මිදියන්හි දවසේදී මෙන් ඔබවහන්සේ කඩාදැමූසේක.


කූෂාන්හි කූඩාරම් විපත්තියට යටවී තිබෙනවා දුටිමි. මිදියන් දේශයේ තිර වෙවුලුවේය.


ඔව්හු එන්දෝර්හි විනාශවී, බිමට පෝර මෙන් වූවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්