Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 7:24 - Sinhala Revised Old Version

24 ගිඩියොන් එප්‍රායිම් කඳු රට මුළුදාම පණිවිඩකාරයන් යවා: මිදියන්වරුන්ට විරුද්ධව බැස ඇවිත් බෙත්-බාරා දක්වා තොටුපල්ද යොර්දානද ඔවුන්ට පළමුවෙන් අල්ලාගන්නැයි කියා යැවීය. එවිට එප්‍රායිම්හි සියලු මිනිස්සු රැස්ව බෙත්-බාරා දක්වා තොටුපල් ද යොර්දානද අල්ලාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ගිඩියොන් එප්‍රායිම් කඳු රට මුළුල්ලේ ම පණිවුඩකාරයන් යවා, “මිදියන්වරුන්ට විරුද්ධ ව අවුත්, ඔවුන් එන්නට පළමුවෙන් බෙත්-බාරා දක්වා ජොර්දාන් ගඟේ තොටුපොළවල් අල්ලාගන්නැ”යි කියා යැවී ය. එවිට එප්‍රායිම්හි සියලු මිනිස්සු රැස් ව බෙත්-බාරා දක්වා ජොර්දාන් තොටුපොළවල් අල්ලාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ගිඩියොන් එප්‍රායිම් කඳු රට මුළුල්ලේ ම පණිවුඩකාරයන් යවා, “මිදියන්වරුන්ට විරුද්ධ ව අවුත්, ඔවුන් එන්නට පළමුවෙන් බෙත්-බාරා දක්වා ජොර්දාන් ගඟේ තොටුපොළවල් අල්ලාගන්නැ”යි කියා යැවී ය. එවිට එප්‍රායිම්හි සියලු මිනිස්සු රැස් ව බෙත්-බාරා දක්වා ජොර්දාන් තොටුපොළවල් අල්ලාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 7:24
7 හුවමාරු යොමු  

මම ඇවිත් නුඹලා දක්නෙම් නුමුත්, ඈත්ව සිටින්නෙම් නුමුත්, නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්යකරමින්, විරුද්ධව සිටින්නන්ට කිසිවක් ගැන භීත නොවී සිටින බව මට අසන්ට පුළුවන්වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබිනලෙසම හැසිරෙන්න.


සහෝදරයෙනි, යුදයෙහි සිටින අකීකරුවන්ගෙන් මා ගළවනු ලබන ලෙසත්, යෙරුසලම උදෙසා මා කරන උපස්ථානය ශුද්ධවන්තයන්ට ප්‍රසන්න වන ලෙසත්,


මේ කාරණා සිද්ධවුණේ යොහන් බව්තීස්මකරමින් සිටි යොර්දානෙන් එගොඩ බෙතානියේදීය.


ගිලියද්වරු එප්‍රායිම්ට යන යොර්දාන් තොටුපල් අල්ලාගත්තෝය. තවද පලාගිය එප්‍රායිම්වරුන්ගෙන් යමෙක් ඇවිත්: මට එගොඩවෙන්ට අරින්නැයි කී කල ගිලියද් මනුෂ්‍යයෝ: නුඹ එප්‍රායිමියයෙක්දැයි ඔහුගෙන් අසති;


කූෂාන්හි කූඩාරම් විපත්තියට යටවී තිබෙනවා දුටිමි. මිදියන් දේශයේ තිර වෙවුලුවේය.


නුඹලා අතට දෙවියන්වහන්සේ මිදියන්හි අධිපතීන්වූ ඔරෙබ්ද ශීබ්ද පාවාදුන්සේක. නුඹලා කළ දේට සමවෙන්ට මට කරන්ට පුළුවන්වුණේ කිමෙක්දැයි ඔවුන්ට කීවේය. ඔහු එසේ කී කල ඔහු කෙරෙහි තිබුණු ඔවුන්ගේ කෝපය සන්සිඳුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්