Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 6:30 - Sinhala Revised Old Version

30 එවිට නුවර මනුෂ්‍යයෝ යෝවාෂ්ට කථාකොට: නුඹේ පුතා බාල්ගේ පූජාසනය කඩාදැමූ නිසාද ඒ ළඟ තිබුණු අෂේරා කණුව කැපූ නිසාද ඔහු මරන පිණිස පිටතට ගෙනෙන්නැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 එවිට නගර වැසියෝ ජෝවාෂ්ට කතා කොට, “ඔබේ පුතා බාල් දෙවියාගේ පූජාසනය කඩා දැමූ නිසා ද ඒ ළඟ තිබුණු අෂේරා කප් කණු කැපූ නිසා ද ඔහු මරන පිණිස පිටතට ගෙනෙන්නැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 එවිට නගර වැසියෝ ජෝවාෂ්ට කතා කොට, “ඔබේ පුතා බාල් දෙවියාගේ පූජාසනය කඩා දැමූ නිසා ද ඒ ළඟ තිබුණු අෂේරා කප් කණු කැපූ නිසා ද ඔහු මරන පිණිස පිටතට ගෙනෙන්නැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 6:30
7 හුවමාරු යොමු  

ජ්වලිතකම ගැන නම්, සභාවට පීඩාකෙළෙමි; ව්‍යවස්ථාවෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ගැන නම්, නිර්දෝෂව සිටියෙමි.


නාසරිය යේසුස්වහන්සේගේ නාමයට විරුද්ධව බොහෝ දේ මා විසින් කටයුතුයයි මමත් සිතුවෙමි.


ඔව්හු සිනගෝගවලින් නුඹලා අහක්කරන්නෝය. එසේය, නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් දෙවියන්වහන්සේට කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය.


නියඟක් ඇගේ ජලයන් පිටට පැමිණ, ඒවා හිදීයනවා ඇත. මක්නිසාද එය කැපූ රූප ඇති දේශයක්ය, ඒ භයානක දේවල් ගැනද ඔව්හු උමතුවී සිටිති.


එවිට පූජකයෝද ප්‍රොපේතයෝද අධිපතීන්ටත් මුළු සෙනඟටත් කථාකොට: මේ මනුෂ්‍යයා මැරුම්කන්ට යුතුය; මක්නිසාද නුඹලාගේ කන්වලින් නුඹලා ඇසූ ලෙස මොහු මේ නුවරට විරුද්ධව අනාගතවාක්‍ය කීවේයයි කීවෝය.


මේක කෙළේ කවුදැයි ඔවුන් එකිනෙකාගෙන් අසා සෙවූ කල, යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් මේක කෙළේයයි ඔවුන්ට කියන ලද්දේය.


යෝවාෂ්ද තමාට විරුද්ධව සිටි සියල්ලන්ට කථාකොට: නුඹලා බාල් උදෙසා කාරණා කියනවාද? නොහොත් නුඹලා ඔහු ගළවන්ට හදනවාද? ඔහු උදෙසා කාරණා කියන්ට කැමති තැනැත්තේ උදයව තිබෙද්දීම මරනු ලැබේවා. ඔහු දෙවිකෙනෙක් නම් යමෙක් ඔහුගේ පූජාසනය කඩාදැමුවාට ඔහුම තමා උදෙසා කාරණා කියාවයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්