Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 6:18 - Sinhala Revised Old Version

18 ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් ඔබ ඉදිරියෙහි තබන තෙක් මෙතැනින් නොගිය මැනවයි කීවේය. උන්වහන්සේද: නුඹ හැරී එන තුරු මම නවතින්නෙමියි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් එය ඔබ ඉදිරියේ තබන තෙක් මෙතැනින් නොගිය මැනවැ”යි කී ය. උන් වහන්සේ ද, “නුඹ පෙරළා එන තුරු මම නැවතී සිටින්නෙමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් එය ඔබ ඉදිරියේ තබන තෙක් මෙතැනින් නොගිය මැනවැ”යි කී ය. උන් වහන්සේ ද, “නුඹ පෙරළා එන තුරු මම නැවතී සිටින්නෙමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 6:18
6 හුවමාරු යොමු  

මානෝවා ස්වාමීන්වහන්සේගේ දූතයාට කථාකොට: අප විසින් ඔබට එළුපැටවෙකු පිළියෙළකරන තුරු ඔබ ප්‍රමාදකරගන්ට අපට අවසර ලැබේවයි කීවේය.


ඔබවහන්සේලාගේ සිත් ශක්තිමත් කරගන්න පිණිස මම කෑම ටිකක් ගෙනෙන්නෙමි; පසුව ඔබවහන්සේලාට යත හැකිය. මක්නිසාද ඔබවහන්සේලා තමන් මෙහෙකරුවා වෙතට ආවේ ඒ පිණිසයයි කීය. ඔව්හුද: නුඹ කී ලෙස කරන්නැයි කීවෝය.


මාගේ ස්වාමීනි, ඔබ ඉදිරියෙහි දැන් මම කරුණාව ලැබුයෙම්නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි.


නුමුත් ඔහු ඔවුන්ට බොහෝසේ පෙරැත්තකළ නිසා ඔව්හු ඔහු වෙතට හැරී ගොස් ඔහුගේ ගෙට ඇතුල්වූවෝය; එවිට ඔහු මුහුන් නුමුසු රොටි පුළුස්සා ඔවුන්ට කෑමක් පිළියෙළ කෙළේය, ඔව්හුද කෑවෝය.


ඔහු උන්වහන්සේට කථාකොට: දැන් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබේනම්, ඔබ මා සමඟ කථාකරන බවට ලකුණක් මට පෙන්නුව මැනව.


ගිඩියොන් ඇතුළට ගොස් එළුපැටියෙක්ද ඒඵාවක පිටිවලින් මුහුන් නොදැමූ රොටිද සූදානම්කොට, මස් පෙට්ටියක තබා, සොදි භාජනයක වත්කොට, අලෝන ගස යටට ගෙනවුත් උන්වහන්සේට ඔප්පුකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්