Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 5:3 - Sinhala Revised Old Version

3 රජදරුවෙනි, අසන්න; අධිපතියෙනි, කන්දෙන්න; මම, එසේය, මම, ස්වාමීන්වහන්සේට ගී කියන්නෙමි; ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 රජ දරුවෙනි අසන්න; අධිපතියෙනි කන් දෙන්න; සමිඳුන් හට මම ගී ගයමි. ඉශ්රායෙල්හි දෙවි සමිඳුන් හට පැසසුම් දෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 රජ දරුවෙනි අසන්න; අධිපතියෙනි කන් දෙන්න; සමිඳුන් හට මම ගී ගයමි. ඉශ්රායෙල්හි දෙවි සමිඳුන් හට පැසසුම් දෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 5:3
18 හුවමාරු යොමු  

රජුන් ඉදිරියෙහිත් ඔබගේ ශික්ෂා ගැන ලජ්ජා නොවී කථාකරන්නෙමි.


අර්තක්ෂස්තා රජු වන මම ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියන්නා වන පූජකවූ එස්රා විසින් නුඹලාගෙන් ඉල්ලන සියල්ල,


ඔහුද: මම සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා බොහෝ ජ්වලිතව සිටියෙමි; කුමක් හෙයින්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අත්හැර, ඔබගේ පූජාසන කඩාදමා, ඔබගේ ප්‍රොපේතවරුන් කඩුවෙන් මැරුවෝය; ඉතුරුව සිටින්නේ මම පමණක්ය; මාගේ ප්‍රාණයත් නැතිකරන්ට ඔව්හු සොයතියි කීවේය.


ඔහුද: මම සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා බොහෝ ජ්වලිතව සිටියෙමි; කුමක්හෙයින්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අත්හැර, ඔබගේ පූජාසන කඩාදමා, ඔබගේ ප්‍රොපේතවරුන්ද කඩුවෙන් මැරුවෝය. ඉතුරුව සිටින්නේ මම පමණක්ය; ඔව්හු මාගේ ප්‍රාණයත් නැතිකරන්ට සොයතියි කීවේය.


එවිට එලියා සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේත කෙනෙක්ව ඉතුරුව ඉන්නේ මම පමණකි; නුමුත් බාල්ගේ ප්‍රොපේතවරු හාරසිය පනස්දෙනෙක් සිටිති.


දෙබොරානම් මා නැගිටින තෙක්, මා ඉශ්‍රායෙල්හි මවක් ව නැගිටිනතෙක්, ඉශ්‍රායෙල්හි ප්‍රධානියෝ නැතුව සිටියෝය. නැතුවම සිටියෝය.


මක්නිසාද ස්වාමීන්වහන්සේගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. අපගේ දෙවියන්වහන්සේගේ උතුම්කම වර්ණනාකරව්.


ස්වර්ගයෙනි, කන්දෙව්, මම කථාකරන්නෙමි; පොළොවද මාගේ මුඛයේ වචන අසාවා.


මම නුඹලාට විරුද්ධව උදහසින් හැසිර නුඹලාගේ පාපවල් නිසා සත් ගුණයක් නුඹලාට දඬුවම් කරන්නෙමි.


තවද බලව, මම ඔහු සමඟ දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍රවූ ඔහොලියාබ් පත්කෙළෙමි; මා විසින් නුඹට අණකළ සියල්ල සාදන පිණිස ප්‍රඥාව ඇති සියල්ලන්ගේ හෘදයන්හි ප්‍රඥාව තැබීමි.


බලව, මම නුඹලා සමඟත් නුඹලාට පසුව නුඹලාගේ වංශය සමඟත්


බලව, අහස යට ජීවන හුස්ම ඇති මාංසමයවූ සියල්ලන් විනාශකරන පිණිස මම පොළොව පිටට ජලගැල්ම පමුණුවමි; පොළොවෙහි ඇත්තාවූ සියල්ල නසින්නේය.


දැනුදු මා අවට සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවනු ලබන්නේය; උන්වහන්සේගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි; ස්වාමීන්ට ගීතිකා කරන්නෙමි, එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි.


එවිට මාගේ භාර දවස්පතා ඉෂ්ට කරන පිණිස ඔබගේ නාමයට සදාකල් ප්‍රශංසා ගී කියන්නෙමි.


දිවිහිමියෙන් ස්වාමීන්ට ප්‍රශංසාකරන්නෙමි. මා පවතින තුරු මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්