Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 4:11 - Sinhala Revised Old Version

11 එකල කේනීයවූ හෙබෙර් මෝසෙස්ගේ මාමා වන හොබාබ්ගේ පුත්‍රයන්වූ කේනිවරුන්ගෙන් වෙන්වී, කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි අලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගන සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එකල කේනීය ජාතික හෙබෙර්, මෝසෙස්ගේ මාමණ්ඩි වන හොබාබ්ගේ පුත්‍රයන් වූ කේනිවරුන්ගෙන් වෙන් වී කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි ආලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගෙන සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එකල කේනීය ජාතික හෙබෙර්, මෝසෙස්ගේ මාමණ්ඩි වන හොබාබ්ගේ පුත්‍රයන් වූ කේනිවරුන්ගෙන් වෙන් වී කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි ආලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගෙන සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 4:11
13 හුවමාරු යොමු  

තවද මෝසෙස්ගේ මාමණ්ඩිය වන කේනියයාගේ පුත්‍රයෝ යූදා පුත්‍රයන් සමඟ ඉඳිගස් නුවර සිට ඇවිත්, අරාද්ට දකුණෙන් තිබෙන යූදා කාන්තාරයට ගොස්, සෙනඟ සමඟ වාසයකළෝය.


ඔවුන්ගේ සීමාව හේලෙප්හි සිට ශානන් නිම්හි තිබුණ අලෝන වෘක්ෂය පටන් අදාමි-නෙකෙබ්ද යබ්නෙයෙල්ද ලක්කුම්ද දක්වා ගොස්, යොර්දාන ළඟ කෙළවර වුණේය.


මෝසෙස් තමාගේ මාමා වන මිදියන්හි රෙවුයෙල්ගේ පුත්‍රවූ හොබාබ්ට කියනුයේ: මම නුඹලාට දෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කී ස්ථානයට අපි ගමන්කරමුව. අප සමඟ එන්න, අපි නුඹට යහපත කරන්නෙමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ගැන යහපත කථාකර තිබේයයි කීවේය.


කෙදෙෂ්ද එද්‍රෙයිද ඒන්-හාශොර්ද,


මෝසෙස් වනාහි තමාගේ මාමා වූ මිදියන්හි පූජකවූ යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙනගොස් දෙවියන්වහන්සේගේ කන්දට එනම් හොරේබ්ට පැමිණියේය.


ඈ කෙදෙශ්නප්තලීයෙන් අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් අඬගස්වාගන ඔහුට කථාකොට: නුඹ ගොස් නප්තලී පුත්‍රයන්ගෙනුත් සාබුලොන් පුත්‍රයන්ගෙනුත් මනුෂ්‍යයන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න කියාත්,


ඔහු කේනිවරුන් දෙස බලා උපමා කථා පවසමින් කියනුයේ: නුඹේ වාසස්ථානය ස්ථිරය, නුඹේ කැදැල්ල පර්වතයෙහි පිහිටා තිබේ.


මිදියන්හි පූජකවූ මෝසෙස්ගේ මාමා වන යෙත්‍රෝ වනාහි දෙවියන්වහන්සේ මෝසෙස් උදෙසාත් ස්වකීය සෙනඟවූ ඉශ්‍රායෙල් උදෙසාත් කරනලද සියල්ල එනම් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් මිසරයෙන් පිටතට ගෙනා වග ඇසුවේය.


ඔවුන් තමන් පියවූ රූවෙල් වෙතට ආ කල: නුඹලා අද මෙපමණ වේලාසනින් ආවේ කොහොමදැයි ඔහු ඇසුවේය.


එවිට අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් තාබෝර් කන්දට ගිය බව සිසෙරාට දන්වනලද්දේය.


තවද සාවුල් කේනිවරුන්ට කථාකොට: මා විසින් අමලෙක්වරුන් සමඟ නුඹලා විනාශ නොකරන පිණිස ඔවුන් අතරෙන් අහක්ව යන්න. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් එද්දී නුඹලා ඔවුන් සියල්ලන්ට කරුණාකළහුයයි කීවේය. එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරෙන් අහක්ව ගියෝය.


අද නුඹලා කොයි පළාතට විරුද්ධව ගියහුදැයි ආකීෂ් ඇසුවේය. දාවිත්ද: යූදාහි දකුණු දිශාවටද යෙරාමෙයෙල්වරුන්ගේ දකුණු දිශාවටද කේනිවරුන්ගේ දකුණු දිශාවටද විරුද්ධව ගියෙමුයයි කීවේය.


ඉදින් නුඹ අප සමඟ යන්නෙහි නම් ස්වාමීන්වහන්සේ අපට කරන යහපතම අපි සැබවින් නුඹට කරන්නෙමුයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්