Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 3:4 - Sinhala Revised Old Version

4 ඔවුන් ඉතිරිකළේ ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ඉශ්‍රායෙල්වරුන්ගේ පියවරුන්ට අණකෙරෙවූ උන්වහන්සේගේ ආඥාවලට ඔව්හු ඇහුම්කන් දෙන්නෝද නැද්දැයි දැනගැනීමට ඔවුන් කරණකොටගෙන ඉශ්‍රායෙල්වරුන් සෝදිසිකරන පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔවුන් ඉතිරි කෙළේ, සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට අණ කර වදාළ උන් වහන්සේගේ ආඥාවලට ඔව්හු කීකරු වෙත් දැ යි ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්රායෙල්වරුන් සෝදිසි කරන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔවුන් ඉතිරි කෙළේ, සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට අණ කර වදාළ උන් වහන්සේගේ ආඥාවලට ඔව්හු කීකරු වෙත් දැ යි ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්රායෙල්වරුන් සෝදිසි කරන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 3:4
7 හුවමාරු යොමු  

මක්නිසාද නුඹලා අතරෙහි විශ්වාසවූ අයවල් ප්‍රකාශවන පිණිස ලබ්ධි භේදත් නුඹලා අතරෙහි තිබෙන්ට ඕනෑය.


කානාන්හි සියලු යුද්ධ දැනනොගත්තාවූ සියලු ඉශ්‍රායෙල්වරුන් සෝදිසිකරන පිණිසද,


මෙසේ කරන්නේ ඔවුන්ගේ පියවරුන් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂාකළාක් මෙන් ඔව්හු ඒ මාර්ගයෙහි හැසිරෙන ලෙස ඒක රක්ෂාකරන්නෝද නැද්දැයි ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්‍රායෙල් සෝදිසිකරන පිණිසයයි කීසේක.


ඔහු ලෙවී ගැන කියනුයේ– නුඹ විසින් මස්සාහිදී පරීක්ෂාකර, මෙරීබාහි වතුර ළඟදී විවාදකළාවූ,


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ යටහත්කර, නුඹ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා නුඹ රක්ෂාකරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න.


ඔහු ස්වාමීන්වහන්සේට හඬ ගැසීය; ස්වාමීන්වහන්සේ ඔහුට ගහක් පෙන්වූසේක, ඔහු ඒක ජලයට හෙළූ කල ජලය මිහිරි විය. එහිදී උන්වහන්සේ ඔවුන්ට නියෝගයක්ද පනතක්ද දුන්සේක, එහිදී උන්වහන්සේ ඔවුන් පරීක්ෂාකොට:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්