Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 21:15 - Sinhala Revised Old Version

15 ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි බිඳීමක් කළ නිසා සෙනඟ බෙන්යමින් ගැන ශෝකවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි බෙදීමක් ඇති කළ නිසා, සෙනඟ බෙන්ජමින්වරුන් ගැන ශෝක වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි බෙදීමක් ඇති කළ නිසා, සෙනඟ බෙන්ජමින්වරුන් ගැන ශෝක වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 21:15
8 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරවූ බෙන්යමින් ගැන ශෝකවී: මේ දවසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් සිඳිනලද්දේය.


නුඹෙන් පැවතඑන්නෝ පරණ නටබුන් තැන් ගොඩනගන්නෝය. නුඹ බොහෝ පරම්පරාවල අත්තිවාරම් ගොඩනගන්නෙහිය; කැඩුම් හරිගස්සන්නාය, වාසය පිණිස මාවත් අලුත්වැඩියාකරන්නායයි නුඹට කියනු ලැබේ


ඒ කෙරෙහි පිහිටා සිටින බැවින්, මේ අපරාධය උස්වූ භිත්තියක පිපිරී වැටෙන්ට තිබෙන කැඩුමක් මෙන් නුඹලාට වන්නේය. ඒකේ කැඩීම ඇසිල්ලකින්ම පැමිණෙන්නේය.


පළමු වතාවේදී ඒක ගෙනා අය නුඹලා නොවූ බැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට පහරදුන්සේක, මක්නිසාද නියෝගය ලෙස අපි උන්වහන්සේ නොසෙවුවෙමුයයි කීවේය.


ස්වාමීන්වහන්සේ උස්සාට කළ හදිසි පහර දීම නිසා දාවිත් අප්‍රසන්න විය. ඔහු ඒ ස්ථානයට පෙරෙෂ්-උස්සා යන නාමය තැබීය, ඒ නාමය අද දක්වා ඊට තිබේ.


තවද ඔව්හු කථාකොට: ඉශ්‍රායෙල්වරුන් අතරෙන් ගෝත්‍රයක් නොමැකෙන ලෙස බෙන්යමින්හි ගැළවී සිටින්නන්ට උරුමයක් තිබිය යුතුය.


එකල බෙන්යමින්වරු හැරී ආවෝය; ඔව්හු යාබෙෂ්-ගිලියද්හි ස්ත්‍රීන්ගෙන් ඉතුරුකළ ස්ත්‍රීන් ඔවුන්ට දුන්නෝය. ඒත් ඔවුන්ට මදි විය.


එවිට සභාවේ වැඩිමහල්ලෝ කථාකොට: ඉතිරි අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමුද? මක්නිසාද බෙන්යමින්වරුන් අතරෙන් ස්ත්‍රීයෝ නැතිවූහයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්