Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 21:10 - Sinhala Revised Old Version

10 සභාව ඉතා වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගෙන් දොළොස්දහසක් එතැනට යවමින් ඔවුන්ට අණකොට: නුඹලා ගොස් ස්ත්‍රීන්ද බාලයන්ද ඇතුළුව යාබෙෂ්-ගිලියද්හි වැසියන්ට කඩුමුවහතින් පහරදෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එබැවින් එහි රැස් වූ බලසම්පන්න මිනිසුන්ගෙන් දොළොස්දහසක් එතැනට යවමින්, ඔවුන් මරන්නට අණ කරමින්, “ඔබ හැම ගොස් ස්ත්‍රීන් ද බාලයන් ද ඇතුළු ව ජාබෙෂ්-ගිලියද්හි වැසියන්ට කඩුවෙන් පහර දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එබැවින් එහි රැස් වූ බලසම්පන්න මිනිසුන්ගෙන් දොළොස්දහසක් එතැනට යවමින්, ඔවුන් මරන්නට අණ කරමින්, “ඔබ හැම ගොස් ස්ත්‍රීන් ද බාලයන් ද ඇතුළු ව ජාබෙෂ්-ගිලියද්හි වැසියන්ට කඩුවෙන් පහර දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 21:10
9 හුවමාරු යොමු  

ඔහු ගොන් බානක් ගෙන උන් කෑලිවලට කපා: සාවුල්ද සාමුවෙල්ද පස්සේ පිටත්ව නොඑන යමෙක් ඇද්ද ඔහුගේ හරකුන්ට මෙසේම කරනු ලැබේය කියා ඒවා පණිවිඩකාරයන් අත ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට හැරියේය. සෙනඟ පිටට ස්වාමීන්වහන්සේගෙන් භීතියක් පහළවී ඔව්හු එක්කෙනෙකු මෙන් පිටත්ව ආවෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ: සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් සභාව සමඟ ස්වාමීන්වහන්සේ වෙතට නාවේ කවුරුදැයි ඇසුවෝය; මක්නිසාද මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට නේන අය මැරිය යුතුමය කියා මහත් දිවුරුමක් කර තිබුණේය.


ස්වාමීන්වහන්සේගේ උදව්වටද බලවතුන්ට විරුද්ධව ස්වාමීන්වහන්සේගේ උදව්වටද නා බැවින් මෙරෝස්ට ශාපකරව්, එහි වැසියන්ට තදලෙස ශාපකරව්යයි ස්වාමීන්වහන්සේගේ දූතයා කීය.


දැන් නුඹ ගොස් අමලෙක්ට පහරදී, ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින්ම විනාශකරදමා, පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරාදමන්නැයි කියනසේකැයි කීවේය.


එවිට යෝෂුවා සහ ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරු ශෙරාගේ පුත්‍රවූ ආකාන්ද රිදීද සළුවද රන් පේනුවද ඔහුගේ පුත්‍රයන් හා දූවරුන්ද ඔහුගේ ගවයන්ද කොටළුවන්ද බැටළුවන්ද ඔහුගේ කූඩාරමද ඔහු සන්තක සියල්ලද අරගන ආකොර් මිටියාවතට ගෙනගියෝය.


ඒ නුවරවාසීන්ට කඩුමුවහතින් පහරදී එයද එහි ඇති සියල්ලද ගවයන්ද කඩුමුවහතින් සහමුලින් විනාශකරන්න.


එබැවින් බාලයන් අතරෙහි සියලු පිරිමින්ද පුරුෂයන් සමඟ සයනයකිරීමෙන් පුරුෂයන් දැනගත් සියලු ස්ත්‍රීන්ද මරා,


තවද ඔව්හු: ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ස්වාමීන්වහන්සේ වෙත මිශ්පාට නාවේ කොයි එකදැයි අසා යාබෙෂ්-ගිලියද්හි සිට කිසිවෙක් සභාව සමඟ කඳවුරට නා බව දැනගත්තෝය.


මක්නිසාද සෙනඟ ගණන්කළ විට යාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් කවුරුවත් එහි නැති බව පෙනුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්