Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 20:8 - Sinhala Revised Old Version

8 එවිට මුළු සෙනඟ එක්කෙනෙකු මෙන් නැගිට කථාකොට: අපෙන් කිසිවෙක් තමාගේ කූඩාරමට නොයන්නේය, කිසිවෙක් තමාගේ ගෙදරට නොපැමිණෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එවිට මුළු සෙනඟ එකා මෙන් නැඟිට, කතා කොට, “අපෙන් කිසිවෙක් තමාගේ කූඩාරමට නොයන්නේ ය. කිසිවෙක් තමාගේ ගෙදරට නොයන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එවිට මුළු සෙනඟ එකා මෙන් නැඟිට, කතා කොට, “අපෙන් කිසිවෙක් තමාගේ කූඩාරමට නොයන්නේ ය. කිසිවෙක් තමාගේ ගෙදරට නොයන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 20:8
8 හුවමාරු යොමු  

පූජාවට වඩා ධර්මිෂ්ඨකමද යුක්තියද කිරීම ස්වාමීන්වහන්සේට ප්‍රියව තිබේ.


කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.


එවිට දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වාත් ගිලියද් දේශයෙත් සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් පිටත්ව ඇවිත් සභාව එක්කෙනෙකු මෙන් මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට රැස්වුණාය.


ඒ හැටියට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ එක්කෙනෙකු මෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධව රැස්වූවෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා සියල්ලෝ මෙහි නුඹලාගේ කල්පනාවත් දැනමුතුකමත් කියාදෙන්නැයි කීවේය.


අපි දැන් ගිබියාට මෙසේ කරන්නෙමුව; පස ඇට වැටෙන හැටියට ඊට විරුද්ධව යන්නෙමුව;


අපෙන් කිසිවෙක් තමාගේ දුවෙකු බෙන්යමින් මනුෂ්‍යයෙකුට භාර්යාකොට නොදෙන්නෙමුයයි ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් විසින් මිශ්පාහිදී දිවුරා තිබුණේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ: සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් සභාව සමඟ ස්වාමීන්වහන්සේ වෙතට නාවේ කවුරුදැයි ඇසුවෝය; මක්නිසාද මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට නේන අය මැරිය යුතුමය කියා මහත් දිවුරුමක් කර තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්