Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 20:11 - Sinhala Revised Old Version

11 ඒ හැටියට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ එක්කෙනෙකු මෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධව රැස්වූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එකී ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍ර එකා මෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධ ව රැස් වූවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එකී ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍ර එකා මෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධ ව රැස් වූවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 20:11
5 හුවමාරු යොමු  

සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මනුෂ්‍යයන් සියයට දසදෙනෙක්ද දහසකට සියයක්ද දස දහසකට දහසක්ද බැගින් සෙනඟට ආහාර ගෙනෙන පිණිස අපි නියමකරගන, ඔවුන් ආවාම බෙන්යමින්ට අයිති ගිබියාහි මනුෂ්‍යයන් විසින් ඉශ්‍රායෙල්හි කළ මුළු නින්දිතකම ප්‍රකාරයට ඔවුන්ට කරන්නෙමුයයි කීවෝය.


ඉශ්‍රායෙල් ගෝත්‍රවල අය බෙන්යමින් ගෝත්‍රයේ සෑම තැන්වලට මනුෂ්‍යයන් යවමින්: නුඹලා අතරේ කළ මේ දුෂ්ටකම මොකද?


එවිට දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වාත් ගිලියද් දේශයෙත් සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් පිටත්ව ඇවිත් සභාව එක්කෙනෙකු මෙන් මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට රැස්වුණාය.


එවිට මුළු සෙනඟ එක්කෙනෙකු මෙන් නැගිට කථාකොට: අපෙන් කිසිවෙක් තමාගේ කූඩාරමට නොයන්නේය, කිසිවෙක් තමාගේ ගෙදරට නොපැමිණෙන්නේය.


තවද ඔහු සාවුල්ට කථාකොට නිමවූ කල යොනාතාන්ගේ ප්‍රාණය දාවිත්ගේ ප්‍රාණයට බැඳී, යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් ඔහුට ආදරේවිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්