Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 2:7 - Sinhala Revised Old Version

7 සෙනඟ යෝෂුවාගේ සියලු දවස්වලද යෝෂුවාට පසුවත් ජීවත්ව සිටියාවූ, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලුම මහත් ක්‍රියා දුටුවාවූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලද ස්වාමීන්වහන්සේට සේවයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඉශ්රායෙල් සෙනඟ ජෝෂුවා ජීවත් ව සිටි මුළු කාලය තුළ දී ද, ජෝෂුවාට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් උදෙසා කළ, උන් වහන්සේගේ සකල බලවත් ක්‍රියා දුටු, ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි කාලය තුළ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඉශ්රායෙල් සෙනඟ ජෝෂුවා ජීවත් ව සිටි මුළු කාලය තුළ දී ද, ජෝෂුවාට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් උදෙසා කළ, උන් වහන්සේගේ සකල බලවත් ක්‍රියා දුටු, ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි කාලය තුළ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 2:7
8 හුවමාරු යොමු  

එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, නුඹලා නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, හයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගන්න;


ඉශ්‍රායෙල්වරු වනාහි යෝෂුවාගේ සියලු දවස්වලදීද යෝෂුවාට පසුවත් ජීවත්ව සිටියාවූ, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලු ක්‍රියා දැනගන සිටියාවූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලදීද ස්වාමීන්වහන්සේට සේවයකළෝය.


යෙහෝයාදා පූජකයාගේ කාලය මුළුල්ලෙහි යෝවාෂ් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.


යෙහෝවාෂ් වනාහි යෙහෝයාදා පූජකයා විසින් තමාට දැනමුතුකම් දුන් කාලය මුළුල්ලෙහි ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.


යෝෂුවා සෙනඟ යන්ට හැරිය කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ දේශය හිමිකරගන්න පිණිස තම තමුන්ගේ උරුමවලට ගියෝය.


ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එකසිය දස අවුරුද්දක් වයස්ව මළේය.


එහෙත් ඔව්හු ඒ විනිශ්චයකාරයන්ටත් ඇහුම්කන්නොදී, අන් දෙවිවරුන් අනුව අනාචාරයෙන් හැසිරෙමින්, ඔවුන්ට නමස්කාර කළෝය. ස්වාමීන්වහන්සේගේ ආඥාවලට කීකරුව සිටි තමුන්ගේ පියවරුන් මෙන් ඔව්හු නොකොට, ඔවුන්ගේ මාර්ගයෙන් වහාම ඉවත්ව ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්