Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 19:30 - Sinhala Revised Old Version

30 ඒ දුටු සියල්ලෝ: ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආ දවස පටන් අද දක්වා මෙබඳු දෙයක් සිද්ධවුණේවත් දකින්ට යෙදුණේවත් නැත. මේ ගැන හිතට ගෙන මන්ත්‍රණයකොට කථාකරන්නැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ඒ දුටු සියල්ලෝ, “ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් ආ දා පටන් අද දක්වා මෙබඳු දෙයක් සිදු වුණේ වත්, දකින්නට ලැබුණේ වත් නැත. මේ ගැන සිතට ගෙන, සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන්නැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 ඒ දුටු සියල්ලෝ, “ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් ආ දා පටන් අද දක්වා මෙබඳු දෙයක් සිදු වුණේ වත්, දකින්නට ලැබුණේ වත් නැත. මේ ගැන සිතට ගෙන, සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන්නැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 19:30
7 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා සියල්ලෝ මෙහි නුඹලාගේ කල්පනාවත් දැනමුතුකමත් කියාදෙන්නැයි කීවේය.


උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.


ගිබියාහි දවස්වලදී මෙන් ඔව්හු අධිකලෙස තමුන්ම දූෂ්‍යකරගත්තෝය. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිකර, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක.


මක්නිසාද ඥානවන්ත ගුරුකම් පිට නුඹ නුඹේ යුද්ධය කළ යුතුය; මන්ත්‍රීවරුන් රාශියක් ඇති කල්හි ආරක්ෂාව තිබේ.


සියලු අදහස් මන්ත්‍රණයෙන් ස්ථිරවේ; ඥානවන්ත ගුරුකම් පිට යුද්ධකරන්න


මන්ත්‍රණය නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය; එහෙත් බොහෝ මන්ත්‍රීන් කරණකොටගෙන ඒවා ස්ථිරවන්නේය.


ඥානවන්ත පාලනයක් නැති විට සෙනඟ වැටෙති; එහෙත් මන්ත්‍රීවරුන් රාශියක් කරණකොටගෙන ආරක්ෂාව ඇත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්