Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 19:24 - Sinhala Revised Old Version

24 මෙන්න, මෙහි මාගේ කන්‍යා දුවත් ඔහුගේ උපභාර්යාවත් සිටිති; මම දැන් ඔවුන් පිටතට ගෙනෙන්නෙමි, ඔවුන් වසඟකොට නුඹලාට හොඳව පෙනෙන දෙයක් ඔවුන්ට කරන්න. නුමුත් මේ මනුෂ්‍යයාට ඔය නින්දිතකම් නොකරන්නැයි ඔවුන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 මෙන්න, මෙහි මාගේ කන්‍යා දුවත්, ඒ මිනිසාගේ උපභාර්යාවත් සිටිති, මම දැන් ඔවුන් පිටතට ගෙනෙමි. ඔවුන් වසඟ කරගෙන ඔබ කැමැති දෙයක් ඔවුන්ට කරන්න. එහෙත්, මේ මිනිසාට ඒ නින්දිතකම නොකරන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 මෙන්න, මෙහි මාගේ කන්‍යා දුවත්, ඒ මිනිසාගේ උපභාර්යාවත් සිටිති, මම දැන් ඔවුන් පිටතට ගෙනෙමි. ඔවුන් වසඟ කරගෙන ඔබ කැමැති දෙයක් ඔවුන්ට කරන්න. එහෙත්, මේ මිනිසාට ඒ නින්දිතකම නොකරන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 19:24
5 හුවමාරු යොමු  

මෙන්න, පුරුෂයෙකු නෑඳින්න දූවරු දෙදෙනෙක් මට සිටිති; ඔවුන් නුඹලා ළඟට පිටතට ගෙනෙන්ට ඉඩදෙන්න, නුඹලාට හොඳව පෙනෙන ලෙස ඔවුන්ට කරන්න; එහෙත් මේ මනුෂ්‍යයන් මාගේ පියස්ස යටට ඇවිත් සිටින නිසා ඔවුන්ට කිසිවක් නොකරන්නැයි කීය.


එවිට දේශයේ අධිපතිවූ හිවීය හාමොර්ගේ පුත් ෂෙඛෙම් ඈ දුටුවේය; ඔහු ඈ රැගෙන ඈ සමඟ සයනය කොට ඈ අපවිත්‍ර කෙළේය.


ඒ හැටියට යහපත සිද්ධවීම පිණිස නපුර කරමුයයි නොකියමුද? (අපි එසේ කියමුයයි අපට අපහාස වශයෙන් සමහරු අප ගැන කියති.) ඔවුන්ගේ දඬුවම සාධාරණය.


ඉදින් නුඹ ඈ කෙරෙහි ප්‍රසන්න නැත්නම් ඈ මිලේට නොවිකුණා ඈ කැමති තැනකට යන්ට අරින්න. නුඹ ඈට අගෞරව කළ බැවින් ඈ කෙරෙහි වහලියකු කෙරෙහි මෙන් නොහැසිරිය යුතුය.


එහෙත් ඒ මනුෂ්‍යයෝ ඔහුට ඇහුම්කන් නුදුන්නෝය. එබැවින් ඒ මනුෂ්‍යයා තමාගේ උප භාර්යාව අල්වාගෙන ඔවුන් ළඟට පිටතට ගෙනාවේය; ඔව්හු ඈ හැඳින, අලුයම දක්වා මුළු රාත්‍රියෙහි ඈට දූෂ්‍යකම් කොට, පහන්වෙන වේලේ ඈ යන්ට හැරියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්