Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 19:18 - Sinhala Revised Old Version

18 ඔහුද: අපි යුදයේ බෙත්-ලෙහෙමේ සිට කඳු රටේ එහා පැත්තට යමුව; මම එහි කෙනෙක්ය, යුදයේ බෙත්-ලෙහෙමට ගියෙමි. දැන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට යමි; එහෙත් තමාගේ ගෙදරට මා කැඳවාගන්න කෙනෙක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔහු පිළිතුරු දෙමින්, “අපි ජුදයේ බෙත්ලෙහෙමේ සිට එප්‍රායිම්හි කඳු රටෙහි එහා කෙළවරට යමු. මම එහි වැසියෙක්මි. මම ජුදයේ බෙත්ලෙහෙමට ගියෙමි. මම දැන් ගෙදර යමි. කිසිවෙකු මට මෙහි දී නවාතැන් දෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔහු පිළිතුරු දෙමින්, “අපි ජුදයේ බෙත්ලෙහෙමේ සිට එප්‍රායිම්හි කඳු රටෙහි එහා කෙළවරට යමු. මම එහි වැසියෙක්මි. මම ජුදයේ බෙත්ලෙහෙමට ගියෙමි. මම දැන් ගෙදර යමි. කිසිවෙකු මට මෙහි දී නවාතැන් දෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 19:18
12 හුවමාරු යොමු  

මෙලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ මණ්ඩපය ෂිලෝහි තිබුණු මුළු කාලයෙහි මීකාගේ කැපූ රූපය පිහිටුවාගෙන සිටියෝය.


යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.


පව්කාරයන් සමඟ මාගේ ආත්මයත් මිනීමරන්නන් සමඟ මාගේ ජීවිතයත් එක් නොකළ මැනව.


ඔහු අවුරුද්දෙන් අවුරුද්ද එසේ කෙළේය. ඈ ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගිය ප්‍රස්තාවලදී ඒ තැනැත්තී එසේ ඈට තරහ ඉපදෙවූවාය; ඒ නිසා ඈ කෑම නොකා අඬමින් සිටියාය.


ඒ මනුෂ්‍යයා ෂිලෝහිදී සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ටත් පූජාකරන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද තමාගේ නුවර සිට නික්ම ගියේය. එහි ස්වාමීන්වහන්සේගේ පූජකයෝවූ හොප්නී සහ පීනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා සිටියෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිටත්ව බෙතෙල්ට ගොස්: බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට අපෙන් පළමුව යායුතු කවුදැයි දෙවියන්වහන්සේගෙන් විචාළෝය. යූදාවරු පළමුව යෙත්වයි ස්වාමීන්වහන්සේ කීසේක.


සතරවෙනිදා ඔවුන් අලුයම නැගුටුණ විට ඔහු යන්ට හැදුවේය. යෞවනියගේ පියාද: කෑම ටිකකින් නුඹේ සිත සනසාගන පසුව යන්ට පුළුවනැයි ඔහුගේ බෑනාට කීවේය.


තවද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්ව සම්මුඛවීමේ කූඩාරම එහි පිහිටෙවුවාය. දේශයද ඔවුන් ඉදිරියෙහි යටත්ව තිබුණේය.


යූදා පෙළපතට අයිතිවූ, යුදයේ බෙත්-ලෙහෙමේ සිට ආවාවූ එක්තරා ලෙවීය තරුණයෙක් සිටියේය, ඔහු එහි වාසයකෙළේය.


මහලු මනුෂ්‍යයා තමාගේ ඇස් ඔසවා ඒ මගියා නුවර වීථියේ ඉඳිනු දැක: නුඹ කොතැනට යනවාද? කොතැන සිට එනවාදැයි ඇසීය.


අපේ කොටළුවන්ට පිදුරුත් ගෝචරත් තිබේ; මට සහ නුඹේ වැඩකාරිටද නුඹේ මෙහෙකරුවන් සමඟ සිටින තරුණයාටද රොටිත් මුද්‍රිකපානයත් තිබේ. කිසි දෙයකින් අඩුවක් නැතැයි ඔහුට කීවේය.


නුඹේ අසල්වාසියාගේ ගෙදරට බොහෝසෙයින් නොයන්න; ගියොත්, සමහරවිට ඔහු නුඹ ගැන වෙහෙසවී, නුඹට වෛරවෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්