Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 19:13 - Sinhala Revised Old Version

13 තවද ඔහු: ගිබියාහිවත් රාමාහිවත් නවතින පිණිස ඒ ස්ථානවලින් එකකට ළඟාවෙමුයයි තමාගේ වැඩකාරයාට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 තවද, ඔහු කතා කොට, “ගිබියාවෙහි හෝ රාමාහි හෝ නවතින පිණිස ඒ ස්ථානවලින් එකකට ළඟා වමු”යි තමාගේ වැඩ-කාරයාට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 තවද, ඔහු කතා කොට, “ගිබියාවෙහි හෝ රාමාහි හෝ නවතින පිණිස ඒ ස්ථානවලින් එකකට ළඟා වමු”යි තමාගේ වැඩ-කාරයාට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 19:13
7 හුවමාරු යොමු  

ගිබියාහි හොරණෑවක්ද රාමාහි නළාවක්ද පිඹින්න. බෙත්-ආවෙන්හි ඝෝෂාකරන්න; අහෝ බෙන්යමින්, [සතුරා] නුඹ පස්සෙන්ය.


ඔව්හු කඳු මාවත පසුකර ඇවිත්, ගෙබාහි නවාතැන් ගෙන සිටිති. රාමාය කම්පාවෙයි, සාවුල්ගේ ගිබෙයාය පලාගියේය.


සාවුල් වනාහි ගිබියාහි තිබුණ තමාගේ ගෙදරට ගියේය; දෙවියන්වහන්සේ විසින් සිත පොළොඹවනලද සේනාවද ඔහු සමඟ ගියාය.


ශේලාද එලෙප්ද යෙරුසලම වන යෙබූසියද ගිබෙයත්ද කිරියත්ද යන නුවරවල් දසසතර සහ ඒවායේ ගම්ය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ උරුමය මේය.


ඔහුගේ ස්වාමියාද: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අයිති නැති අන්‍යයන්ගේ නුවරට අපි නොගොස් ගිබියාට යමුයයි ඔහුට කීවේය.


මෙසේ ඔවුන් තව දුරටත් ගමන් කොට බෙන්යමින්ට අයිති ගිබියාට ළඟාවෙන විට ඉර බැස්සේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්