Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 19:12 - Sinhala Revised Old Version

12 ඔහුගේ ස්වාමියාද: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අයිති නැති අන්‍යයන්ගේ නුවරට අපි නොගොස් ගිබියාට යමුයයි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඔහුගේ ස්වාමියා පිළිතුරු දෙමින්, “ඉශ්රායෙල් පුත්‍රයන්ට අයිති නැති අන්‍යයන්ගේ නුවරකට නොගොස් ගිබියාවට යමු”යි ඔහුට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඔහුගේ ස්වාමියා පිළිතුරු දෙමින්, “ඉශ්රායෙල් පුත්‍රයන්ට අයිති නැති අන්‍යයන්ගේ නුවරකට නොගොස් ගිබියාවට යමු”යි ඔහුට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 19:12
9 හුවමාරු යොමු  

ඔවුන් යෙබූස්ට ළංවෙන විට දවාල බොහෝසෙයින් ගතවී තිබුණේය; වැඩකාරයාද: අපි ගොස් යෙබූසිවරුන්ගේ මේ නුවරට ඇතුල්වී එහි නවාතැන් ගනිමුයයි තමාගේ ස්වාමියාට කීය.


තවද ඔහු: ගිබියාහිවත් රාමාහිවත් නවතින පිණිස ඒ ස්ථානවලින් එකකට ළඟාවෙමුයයි තමාගේ වැඩකාරයාට කීවේය.


ගිබියාහි දවස්වලදී මෙන් ඔව්හු අධිකලෙස තමුන්ම දූෂ්‍යකරගත්තෝය. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිකර, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක.


ගිබියොන්ද රාමාද බෙයේරොත්ද,


ශේලාද එලෙප්ද යෙරුසලම වන යෙබූසියද ගිබෙයත්ද කිරියත්ද යන නුවරවල් දසසතර සහ ඒවායේ ගම්ය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ උරුමය මේය.


සාවුල් වනාහි ගිබියාහි තිබුණ තමාගේ ගෙදරට ගියේය; දෙවියන්වහන්සේ විසින් සිත පොළොඹවනලද සේනාවද ඔහු සමඟ ගියාය.


තවද සාවුල් ඉශ්‍රායෙල්වරුන්ගෙන් තුන්දාහක් මනුෂ්‍යයන් තෝරාගත්තේය; ඔවුන්ගෙන් දෙදාහක් සාවුල් සමඟ මික්මාෂ්හිද බෙතෙල් කන්දේද සිටියෝය, දාහක් යොනාතාන් සමඟ බෙන්යමින් ගිබියාහි සිටියෝය. ඔහු සෙනඟගෙන් ඉතිරි අය එකිනෙකා තම තමාගේ කූඩාරමට හැරියේය.


ඔව්හු කඳු මාවත පසුකර ඇවිත්, ගෙබාහි නවාතැන් ගෙන සිටිති. රාමාය කම්පාවෙයි, සාවුල්ගේ ගිබෙයාය පලාගියේය.


ගිබියාහි හොරණෑවක්ද රාමාහි නළාවක්ද පිඹින්න. බෙත්-ආවෙන්හි ඝෝෂාකරන්න; අහෝ බෙන්යමින්, [සතුරා] නුඹ පස්සෙන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්