Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 18:30 - Sinhala Revised Old Version

30 දාන් පුත්‍රයෝ කැපූ රූපය පිහිටුවාගත්තෝය. මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත්‍රවූ යොනාතාන්ද ඔහුගේ පුත්‍රයෝද රටවැසියන් වාලට ගිය දවස දක්වා දාන් ගෝත්‍රයට පූජකයෝ වූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 දාන්වරු වාත්තු රූපය පිහිටුවා ගත්තෝ ය. මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත් ජොනාතන් ද ඔහුගේ පුත්‍රයෝ ද රට වැසියන් වහල්කමට ගෙනයනු ලැබූ දවස දක්වා දාන් ගෝත්‍රයට පූජකයෝ වූවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 දාන්වරු වාත්තු රූපය පිහිටුවා ගත්තෝ ය. මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත් ජොනාතන් ද ඔහුගේ පුත්‍රයෝ ද රට වැසියන් වහල්කමට ගෙනයනු ලැබූ දවස දක්වා දාන් ගෝත්‍රයට පූජකයෝ වූවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 18:30
20 හුවමාරු යොමු  

මීකා නම්වූ මනුෂ්‍යයාට දේවාලයක් තිබුණේය, ඔහු ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද සාදා, තමාට පූජකයෙකුව සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත්කෙළේය.


ඔහු තමාගේ මවුට රිදී එකොළොස් සියය නැවත දුන්නේය, එවිට ඔහුගේ මවු කථාකොට: කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද සෑදීමට මම මේ රිදී මාගේ අතින් මාගේ පුත්‍රයා වෙනුවෙන් ස්වාමීන්වහන්සේට සැබවින්ම කැපකෙළෙමි. දැන් ඒවා නැවත නුඹට දෙමියි කීවාය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය; ස්වාමීන්වහන්සේද ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවාදුන්සේක.


ඈ පුත්‍රයෙකු බිහිකළාය. මෝසෙස්: අන් දේශයක ආගන්තුකයෙක්ව සිටියෙමියි කියා ඔහුට ගේර්ෂොම් යන නම තැබීය.


මක්නිසාද මාගේ මරණයෙන් පසු නුඹලා සහමුලින් නුඹලාම දූෂ්‍ය කරගෙන මා නුඹලාට අණකළ මාර්ගයෙන් අහක්ව යන බව දනිමි; එබැවින් මතු දවස්වලදී විපත්තිය නුඹලාට පැමිණෙන්නේය; මක්නිසාද නුඹලාගේ අත්වල වැඩෙන් ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට නුඹලා උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කරනවා ඇතැයි කීවේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, නුඹ නුඹේ පියවරුන් සමඟ සැතපෙන්නෙහිය; මේ සෙනඟද නැගිට ඔවුන් යන දේශයෙහි වූ අන්‍ය දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කර, මා අත්හැර, මා ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩකරනවා ඇත.


ස්වාමීන්වහන්සේට පිළිකුලක්ද කම්කරුවාගේ හස්තකර්මාන්තයද වන කැපූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මනුෂ්‍යයාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියා උත්තරදෙත්වා.


රූප සාදානොගන්න, කැපූ පිළිමයක්වත් රූපස්තම්භයක්වත් සිටුවා නොගන්න, නමස්කාර කරන පිණිස නුඹලාගේ දේශයෙහි කැටයම්කළ කිසි ගලක් නොතබන්න. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව.


ඔවුන්ගෙන් එක් කෙනෙකුගේ නම ගේර්ෂොම්ය; මක්නිසාද: මම අන් රටක ආගන්තුකයෙක්ව සිටියෙමියි මෝසෙස් කීවේය.


ඉශ්‍රායෙල් රජවූ පෙකාගේ කාලයේදී අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් ඇවිත් ඊයෝන්ද ආබෙල්-බෙත්-මයකාද යනෝවාද කෙදෙෂ්ද හාශෝර්ද ගිලියද්ද ගලීලයද එනම් මුළු නප්තලී දේශයද අල්ලාගෙන දේශවාසීන් අෂූර්ට ගෙන ගියේය.


ඒ නිසා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස්වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහකළසේක. ඉතුරුවුණේ යූදා ගෝත්‍රය පමණක්ය.


ස්වාමීන්වහන්සේද මුළු ඉශ්‍රායෙල් වංශය අත්හැර, ඔවුන්ට පීඩාකොට, ඔවුන් තමන්ගේ ඇස් හමුයෙන් අහක්කරදමන තුරු කොල්ලකාරයන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.


මෙසේ ස්වාමීන්වහන්සේ තමන්ගේ සියලු මෙහෙකරුවන්වූ ප්‍රොපේතවරුන් ලවා කියෙවු ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ ඇස් හමුයෙන් පහකරන තෙක්, ඔව්හු යෙරොබොවම් කළ සියලුම පාපවලින් අහක් නොවී ඒවායෙහි හැසුරුණෝය.


මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ දේශයෙන් අෂූර්ට ගෙනයන ලදුව අද දක්වා එහි සිටිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්