Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 16:7 - Sinhala Revised Old Version

7 සම්සොන්ද: නොවේලාපු අලුත් රෑන් සතකින් මා බැන්දොත් මා බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 සම්සොන් පිළිතුරු දෙමින්, “නොවේළූ අලුත් දුනු ලණු සතකින් මා බැන්දොත්, මා බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි ඈට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 සම්සොන් පිළිතුරු දෙමින්, “නොවේළූ අලුත් දුනු ලණු සතකින් මා බැන්දොත්, මා බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි ඈට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 16:7
12 හුවමාරු යොමු  

එකිනෙකාට බොරු නොකියන්න. මක්නිසාද නුඹලා පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමඟ අහකදමා,


නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.


ඒ හැටියට යහපත සිද්ධවීම පිණිස නපුර කරමුයයි නොකියමුද? (අපි එසේ කියමුයයි අපට අපහාස වශයෙන් සමහරු අප ගැන කියති.) ඔවුන්ගේ දඬුවම සාධාරණය.


උතුම් කථාව මෝඩයෙකුට නොහොබනේය; බොරුකාර දිව උත්තමයෙකුට ඊටත් වඩා නොහොබනේය.


සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි; එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.


අද නුඹලා කොයි පළාතට විරුද්ධව ගියහුදැයි ආකීෂ් ඇසුවේය. දාවිත්ද: යූදාහි දකුණු දිශාවටද යෙරාමෙයෙල්වරුන්ගේ දකුණු දිශාවටද කේනිවරුන්ගේ දකුණු දිශාවටද විරුද්ධව ගියෙමුයයි කීවේය.


නුඹ මෙසේ මා රවටා මාගේ සතුරාට ගැළවී යන්ට ඉඩ ඇරියේ මක්නිසාදැයි සාවුල් මීඛල්ගෙන් ඇසීය. මීඛල් උත්තරදෙමින්: මා විසින් නුඹ නොමරන පිණිස මා යන්ට ඇරින්න කියා ඔහු මට කීවේයයි සාවුල්ට කීවාය.


නුඹ මා රවටා බොරු කීවෙහිය, දැන්වත් නුඹ බඳින්ට පුළුවන් මොකකින්ද කියා මට කියන්නැයි දෙලීලා සම්සොන්ට කීවාය.


දෙලීලා: නුඹේ මහත් ශක්තිය තිබෙන්නේ කොතනද කියාත් පීඩාකරන පිණිස නුඹ බඳින්ට පුළුවන් මොකකින්ද කියාත් මට කියාන්නැයි සම්සොන්ට කීවාය.


එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු නොවේලාපු අලුත් රෑන් සතක් ඈට ගෙනක් දුන්නෝය, ඈ එයින් ඔහු බැන්දාය.


මනුෂ්‍යයෝ ඈ වෙත ඇතුල්ගෙයි සැඟවී බලාගන සිටියෝය. ඈ වනාහි: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි ඔහුට කීවාය. එවිට ඔහු හණ නූලක් ගින්නේ තැවරෙන විටම කැඩෙන්නාක් මෙන් ඒ රෑන් කඩාදැමීය. මෙසේ ඔහුගේ ශක්තිය දැනනොගන්නා ලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්