Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 16:13 - Sinhala Revised Old Version

13 දෙලීලා සම්සොන්ට කථාකොට: නුඹ මේ වන තෙක් මා රවටා මට බොරු කීවෙහිය. ඉතින් නුඹ බඳින්ට පුළුවන් මොකකින්ද කියා මට කියන්නැයි කීවාය. ඔහුද: නුඹ මාගේ හිසේ සැඩපළු සත නූල්වියමනත් සමඟ ගෙතුවොත් පුළුවනැයි ඈට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එවිට දෙලීලා සම්සොන්ට කතා කොට, “ඔබ මේ වන තෙක් මා රවටා මට බොරු කීවෙහි ය. දැන් ඉතින් ඔබ බැඳ තබන්නට පුළුවන් කුමකින් දැ යි කියන්නැ”යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “ඔබ මාගේ හිසේ කෙස් රොදවල් සත රෙදි වියමන සමඟ යන්ත්‍රයට ගොතා ඇබයකින් එය තද කළොත්, මා සාමාන්‍ය මිනිසෙකු මෙන් බල හීන වනු ඇතැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එවිට දෙලීලා සම්සොන්ට කතා කොට, “ඔබ මේ වන තෙක් මා රවටා මට බොරු කීවෙහි ය. දැන් ඉතින් ඔබ බැඳ තබන්නට පුළුවන් කුමකින් දැ යි කියන්නැ”යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “ඔබ මාගේ හිසේ කෙස් රොදවල් සත රෙදි වියමන සමඟ යන්ත්‍රයට ගොතා ඇබයකින් එය තද කළොත්, මා සාමාන්‍ය මිනිසෙකු මෙන් බල හීන වනු ඇතැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 16:13
4 හුවමාරු යොමු  

ඔවුන්ගේ මංගල්‍යය පැවතුණ සත් දවස තිස්සේම ඈ ඔහු ඉදිරියෙහි ඇඬුවාය. ඈ ඔහුට කරච්චල්කළ බැවින් ඔහු සත්වෙනි දවසේදී ඒක ඈට කීය. ඈද ඇගේ සෙනඟගේ පුත්‍රයන්ට තේරුම කීවාය.


නුඹ මා රවටා බොරු කීවෙහිය, දැන්වත් නුඹ බඳින්ට පුළුවන් මොකකින්ද කියා මට කියන්නැයි දෙලීලා සම්සොන්ට කීවාය.


එබැවින් දෙලීලා අලුත් කඹ ගෙන එයින් ඔහු බැඳ: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි ඔහුට කීවාය. මනුෂ්‍යයෝද ඇතුල් ගෙයි සැඟවී බලා සිටියෝය. ඔහු ඒවා නූල් පටක් මෙන් තමාගේ අත්වලින් කඩාදැමුවේය.


ඈද ඇණයෙන් ඒවා තදකොට: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි කීවාය. ඔහු නින්දෙන් පිබිද යොත් දණ්ඩේ ඇණය නූල් වියමනත් සමඟ ගළවා දැමුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්