Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 16:12 - Sinhala Revised Old Version

12 එබැවින් දෙලීලා අලුත් කඹ ගෙන එයින් ඔහු බැඳ: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි ඔහුට කීවාය. මනුෂ්‍යයෝද ඇතුල් ගෙයි සැඟවී බලා සිටියෝය. ඔහු ඒවා නූල් පටක් මෙන් තමාගේ අත්වලින් කඩාදැමුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එවිට දෙලීලා අලුත් කඹ ගෙන ඔහු බැඳ, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි ඔහුට කෑ ගසා කීවා ය. මිනිස්සු ද ඇතුළු ගෙයි සැඟවී බලා සිටියෝ ය. ඔහු තමාගේ අත් බැඳ තිබූ කඹ නූල් පොටක් මෙන් කඩා දැමුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එවිට දෙලීලා අලුත් කඹ ගෙන ඔහු බැඳ, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි ඔහුට කෑ ගසා කීවා ය. මිනිස්සු ද ඇතුළු ගෙයි සැඟවී බලා සිටියෝ ය. ඔහු තමාගේ අත් බැඳ තිබූ කඹ නූල් පොටක් මෙන් කඩා දැමුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 16:12
4 හුවමාරු යොමු  

ඔහුද: කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත් මා බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවේය.


දෙලීලා සම්සොන්ට කථාකොට: නුඹ මේ වන තෙක් මා රවටා මට බොරු කීවෙහිය. ඉතින් නුඹ බඳින්ට පුළුවන් මොකකින්ද කියා මට කියන්නැයි කීවාය. ඔහුද: නුඹ මාගේ හිසේ සැඩපළු සත නූල්වියමනත් සමඟ ගෙතුවොත් පුළුවනැයි ඈට කීවේය.


ඔහු ලෙහියට පැමිණිකල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැගුවෝය. ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ අත් බැඳ තිබුණු ලනු ගින්නෙන් දාලාගිය හණ මෙන් විය, තවද ඔහුගේ අත්වලින් බැඳුම් ලිහී වැටුණේය.


එවිට අධිපතියා ළංවී ඔහු අල්ලා, දම්වැල් දෙකකින් බඳින්ට අණකොට: මොහු කවුද? කුමක් කෙළේදැයි විචාළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්