Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 15:6 - Sinhala Revised Old Version

6 එවිට පිලිස්තිවරු: මේක කළේ කවුදැයි ඇසුවෝය. තිම්නීයයාගේ බෑනාවූ සම්සොන්ය, ඔහු සම්සොන්ගේ භාර්යාව අරගෙන ඔහුගේ යහළුවාට දුන් නිසා මෙසේ කෙළේයයි මිනිස්සු කීවෝය. පිලිස්තිවරු අවුත් ඈත් ඇගේ පියාත් ගින්නෙන් දවා දැමුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එවිට පිලිස්තිවරු, “මේ දේ කෙළේ කවුරු දැ”යි ඇසුවෝ ය. “තිම්නියයාගේ බෑණා වන සම්සොන් ය; ඔහු සම්සොන්ගේ බිරිඳ ඔහුගේ මිතුරාට දුන් නිසා සම්සොන් මෙසේ කෙළේ යැ”යි මිනිස්සු පිළිතුරු දුන්නෝ ය. එවිට පිලිස්තිවරු අවුත් ඒ ස්ත්‍රිය ද ඇගේ පියා ද ගින්නෙන් දවා දැමුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එවිට පිලිස්තිවරු, “මේ දේ කෙළේ කවුරු දැ”යි ඇසුවෝ ය. “තිම්නියයාගේ බෑණා වන සම්සොන් ය; ඔහු සම්සොන්ගේ බිරිඳ ඔහුගේ මිතුරාට දුන් නිසා සම්සොන් මෙසේ කෙළේ යැ”යි මිනිස්සු පිළිතුරු දුන්නෝ ය. එවිට පිලිස්තිවරු අවුත් ඒ ස්ත්‍රිය ද ඇගේ පියා ද ගින්නෙන් දවා දැමුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 15:6
6 හුවමාරු යොමු  

තවද සත් වෙනි දවසේදී ඔව්හු සම්සොන්ගේ භාර්යාවට කථාකොට: තේරවිල්ල අපට කියාදෙන්ට නුඹේ පුරුෂයා පොළඹවන්න, නැත්නම් අපි නුඹත් නුඹේ පියාගේ ගෙයත් ගින්නෙන් දවන්නෙමුව. නුඹලා අප කැඳෙවුවේ අප දිළිඳුකරන්ට නොවේදැයි කීවෝය.


මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂිදුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පළිගන්න කෙනෙක්ය.


අයුක්තිය වපුරන්නා විපත්තිය කපාගන්නේය; ඔහුගේ උදහස නමැති ඉපල නැතිවන්නේය.


එප්‍රායිම් මනුෂ්‍යයෝ රැස්වී උතුරු දිශාවට ගොස් යෙප්තාට කථාකොට: නුඹ සමඟ යන්ට අපට අඬනොගසා නුඹ අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට එගොඩට ගියේ මක්නිසාද? අපි නුඹේ ගෙය නුඹත් ඇතුළුව ගින්නෙන් පුලුස්සාදමමුයයි කීවෝය.


එහි ගිනි අවුළා, පිලිස්තිවරුන්ගේ ගොයම් අතරට යන්ට හැරියේය, කැපූ ගොයම් මිටිද නොකැපූ ගොයම්ද ඔලීව වතුද එයින් දාලා ගියේය.


සම්සොන් ඔවුන්ට කථාකොට: ඉදින් නුඹලා මෙයාකාර කරනවානම් සැබවින් නුඹලාගෙන් පළිගන්නෙමි, ඉන්පසු නවතින්නෙමියි ඔවුන්ට කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්