Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 15:4 - Sinhala Revised Old Version

4 සම්සොන් ගොස් හිවලුන් තුන්සියයක් අල්ලාගන හුළුඅතු අරන් උන්ගේ වල්ගා දෙකක් බැගින් එකට බැඳ, ඒ වල්ගා දෙක මැද හුලු අත්තක් බැගින් තබා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එසේ කියා සම්සොන් ගොස්, හිවලුන් තුන්සියයක් අල්ලාගෙන, හුළු අතු ද ගෙන, උන්ගේ වල්ගා දෙකක් එකට බැඳ, ඒ දෙක මැද හුළු අත්තක් බැගින් තැබුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එසේ කියා සම්සොන් ගොස්, හිවලුන් තුන්සියයක් අල්ලාගෙන, හුළු අතු ද ගෙන, උන්ගේ වල්ගා දෙකක් එකට බැඳ, ඒ දෙක මැද හුළු අත්තක් බැගින් තැබුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 15:4
8 හුවමාරු යොමු  

පාළුව තිබෙන සියොන් කන්ද නිසා–අපේ ඇස් අඳුරුවී තිබේ; සිවල්ලු එහි ඇවිදිති.


මිදිවැල් නරක්කරන සිවලුන් එනම් කුඩා සිවලුන් අල්ලාදෙන්න; මක්නිසාද අපේ මිදිවැල්වල මල් පිපී තිබේ.


ඔව්හු කඩුවේ බලයට පාවාදෙනු ලබන්නෝය. සිවලුන්ට ගොදුරක් වන්නෝය.


සම්සොන්ද: මා පිලිස්තිවරුන්ට අනදරයක් කරන විට මේ වතාවේ ඔවුන් අරබයා මම නිදොස්යයි ඔවුන්ට කීවේය.


එහි ගිනි අවුළා, පිලිස්තිවරුන්ගේ ගොයම් අතරට යන්ට හැරියේය, කැපූ ගොයම් මිටිද නොකැපූ ගොයම්ද ඔලීව වතුද එයින් දාලා ගියේය.


තමාගේ අසල්වාසියා රවටමින්: මම සෙල්ලමට එය කෙළෙමියි කියන මනුෂ්‍යයා,


නුඹ භය නොවී නිශ්චලව සිටින්ට බලාගන්න; දුම්නගින ඒ ගිනිපෙනෙලි දෙකෙළවරවූ රෙශීන් සහ සිරියවරුන්ගෙත් රෙමලියාගේ පුත්‍රයාගෙත් තද කෝපය නිසා නුඹේ සිත දුර්වල නොවේවා.


එබැවින් ඔහු තමාගේ වැඩකාරයන්ට කථාකොට: බලන්න, යෝවාබ්ගේ කෙත මගේ කෙත ළඟය, එහි ඔහුට යව ගොයම් තිබේ; නුඹලා ගොස් එය ගිනිලන්නැයි කීවේය. අබ්සලොම්ගේ මෙහෙකරුවෝ ඒ කෙතට ගිනි තිබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්