Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 15:19 - Sinhala Revised Old Version

19 දෙවියන්වහන්සේද ලෙහියෙහි තිබෙන කුහර තැනක් විවරකළසේක, එයින් වතුර නික්මුණේය; ඔහු බිවූ කල ශක්තිය ලැබ ප්‍රාණවත් වුණේය. එබැවින් ඒ ස්ථානයට එන්-හක්කෝරේ යන නම තබනලදී, එය අද දවස දක්වා ලෙහියේ තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එවිට දෙවියන් වහන්සේ පොළොවෙහි වළක් විවර කළ සේක. ඒ වළ ලෙහියෙහි ඇත. එයින් වතුර නික්මුණේ ය. සම්සොන් එයින් බී ශක්තිය ලැබ ප්‍රාණවත් විය. එබැවින් ඒ ස්ථානයට ‘හඬගැසූ අයගේ උල්පත’ යන අර්ථය ඇති එන්-හක්-කෝරේ යන නම තබන ලදී. එය අද දවස දක්වා ලෙහිය නගරයේ දක්නට තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එවිට දෙවියන් වහන්සේ පොළොවෙහි වළක් විවර කළ සේක. ඒ වළ ලෙහියෙහි ඇත. එයින් වතුර නික්මුණේ ය. සම්සොන් එයින් බී ශක්තිය ලැබ ප්‍රාණවත් විය. එබැවින් ඒ ස්ථානයට ‘හඬගැසූ අයගේ උල්පත’ යන අර්ථය ඇති එන්-හක්-කෝරේ යන නම තබන ලදී. එය අද දවස දක්වා ලෙහිය නගරයේ දක්නට තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 15:19
16 හුවමාරු යොමු  

මක්නිසාද පිපාස ඇත්තා කෙරෙහි වතුරද වියළි භූමිය කෙරෙහි ජලධාරාද වගුරුවන්නෙමි. නුඹේ වංශය කෙරෙහි මාගේ ආත්මයද නුඹේ දරුවන් කෙරෙහි මාගේ ආශීර්වාදයද වගුරුවන්නෙමි.


ඔව්හුද යෝසෙප් තමන්ට කී සියලු වචන ඔහුට කීවෝය. තමා ගෙනයන පිණිස යෝසෙප් එවූ ගැල් ඔවුන්ගේ පියවූ යාකොබ් දුටු කල ඔහුගේ සිත ප්‍රාණවත්විය.


මේ දුප්පතා මොරගැසුවේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ බස් අසා, ඔහුගේ සියලු දුක්වලින් ඔහු ගැළවූසේක.


උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය නැත්තාට සවිය වැඩිකරනසේක.


නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.


මාගේ විපත්තියේදී ස්වාමීන්ට, මොරගැසීමි, උන්වහන්සේද මට උත්තරදුන්සේක.


තවද ඔව්හු අත්තික්කා කැටියකින්, කැබෙල්ලක්ද මුද්‍රිකඵල පොකුරු දෙකක්ද ඔහුට දුන්නෝය; ඔහු කෑ පසු ප්‍රාණවත්විය. මක්නිසාද ඔහු දවල් තුනකුත් රෑ තුනකුත් කෑම කෑවේවත් වතුර බීවේත් නැත.


මෝසෙස් පූජාසනයක් ගොඩනගා ඊට යෙහෝවඃ-නිස්සී යන නම තැබීය.


මක්නිසාද මා එන්ට පළමුවෙන් නුඹට තිබුණේ ස්වල්පයක්ය, දැන් එය බොහෝ සෙයින් වර්ධනයවී තිබේ; මා කොයි දෙසට හැරුණත් ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකළසේක. ඉතින් මාගේම පවුලටත් මා සපයන්නේ කවදාදැයි ඔහුට කීය.


ඒ ස්ථානයට බෙතෙල්යයි නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.


ඈ තමාට කථාකළාවූ ස්වාමීන්වහන්සේට: එල් රොයි යන නාමය කීවාය. මක්නිසාද: මා දක්නාවූ උන්වහන්සේ දෙස මෙහිදී බැලුවායින් පසු පවා ජීවත් වුණා නොවේදැයි ඈ කීවාය.


තමාගේ අත ඔසවා සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසීය. එවිට වතුර බොහෝසෙයින් ගලාආයේය, සභාවද ඔවුන්ගේ සිව්පාවෝද එයින් බීවෝය.


එකල පිලිස්තිවරු පිටත්ව ගොස් යූදාහි කඳවුරු බැඳ ලෙහියේ පැතිර සිටියෝය.


තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම නුඹ මුදාහරින්නෙමි, නුඹ මට ගෞරවකරන්නෙහිය.


උන්වහන්සේ මාර්ගයෙහිදී දොළින් පානයකරනසේක; එබැවින් හිස ඔසවනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්