Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 12:6 - Sinhala Revised Old Version

6 ඔහු: නැතැයි කීවොත්, ෂිබ්බොලෙත්ය කියන්නැයි ඔව්හු ඔහුට කියති; ඔහුට ඒක හරියට ශබ්දකරන්ට නොහැකිව, සිබ්බොලෙත්ය කීවොත් ඔව්හු ඔහු අල්ලා යොර්දාන් තොටුපල් ළඟදී මරති. ඒ ප්‍රස්තාවේදී එප්‍රායිම්වරුන්ගෙන් සතළිස් දෙදාහක් මැරුම් කෑවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 “ ‘ෂිබ්බොලෙත්’ කියා කියාපන්නැ”යි ඔව්හු ඔහුට කියති. ඔහුට එය හරියට උච්චාරණය නොකළ හැකි ව, ‘සිබ්බොලෙත්’ කියා කීවොත්, ඔව්හු ඔහු අල්ලා ජොර්දාන් තොටුපොළවල් ළඟ මරති. ඒ අයුරින් එප්‍රායිම්වරුන්ගෙන් සතළිස්දෙදහසක් මැරුම්කෑවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 “ ‘ෂිබ්බොලෙත්’ කියා කියාපන්නැ”යි ඔව්හු ඔහුට කියති. ඔහුට එය හරියට උච්චාරණය නොකළ හැකි ව, ‘සිබ්බොලෙත්’ කියා කීවොත්, ඔව්හු ඔහු අල්ලා ජොර්දාන් තොටුපොළවල් ළඟ මරති. ඒ අයුරින් එප්‍රායිම්වරුන්ගෙන් සතළිස්දෙදහසක් මැරුම්කෑවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 12:6
12 හුවමාරු යොමු  

නුමුත් නුඹලා එකිනෙකා විකාකන්නහු නම්, නුඹලා එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට බලාගන්න.


නුමුත් ඔහු නැවතත්: නැතැයි කීවේය. ස්වල්ප වේලාවකට පසු නැවත ළඟ සිටිය අය: සැබෑවටම නුඹ ඔවුන්ගෙන් එක්කෙනෙක්ය; මක්නිසාද නුඹ ගලීලයෙක්යයි පේතෘස්ට කීවෝය.


ස්වල්ප වේලාවකට පසු එතැන සිටි අය ඇවිත්: සැබෑවටම නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්ය; ඒ බව නුඹේ කථාවෙන්ම ප්‍රකාශයයි පේතෘස්ට කීවෝය.


උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන ඔවුන්ට කථාකොට: තමාටම විරුද්ධව භේදවුණාවූ හැම රාජ්‍යයම පාළුවන්නේය; තමාටම විරුද්ධව භේදවුණාවූ හැම නුවර හෝ ගෙය නොපවතින්නේය.


තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ ගංගාවේ සැඩපාරේ පටන් මිසරයේ ඔය දක්වා ඔහුගේ ඵල නෙළාගන්නාසේක. එම්බා ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා එක් එක්කෙනෙක් පාසා රැස්කරනු ලබන්නහුය.


ප්‍රඥාවන්තයාගේ මුඛයේ වචන ප්‍රසන්නය; නුමුත් අඥානයාගේ තොල් ඔහු විනාශකරයි.


කෝපවූ සහෝදරයෙකු දිනාගැනීම බලවත් නුවරක් දිනාගැනීමට වඩා අමාරුය; එබඳු ඩබර වනාහි මාලිගාවක අගුල් මෙන්ය.


ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.


ජලගැල්ම මා යට නොකෙරේවා, ගැඹුර මා ගිල නොගනීවා; වළද මා රැගෙන කට පියා නොගනීවා.


සිටින්ට තැනක් නැති ගැඹුරු මඩෙහි කිඳී සිටිමි. ගැඹුරු ජලයට පැමිණ සිටිමි, ජල ධාරාවෝ මා උඩින් ගලායති.


ගිලියද්වරු එප්‍රායිම්ට යන යොර්දාන් තොටුපල් අල්ලාගත්තෝය. තවද පලාගිය එප්‍රායිම්වරුන්ගෙන් යමෙක් ඇවිත්: මට එගොඩවෙන්ට අරින්නැයි කී කල ගිලියද් මනුෂ්‍යයෝ: නුඹ එප්‍රායිමියයෙක්දැයි ඔහුගෙන් අසති;


යෙප්තා සාවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කෙළේය. ගිලියදීය යෙප්තා නැසී ගිලියද්හි නුවරක තැන්පත්කරන ලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්