Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 12:5 - Sinhala Revised Old Version

5 ගිලියද්වරු එප්‍රායිම්ට යන යොර්දාන් තොටුපල් අල්ලාගත්තෝය. තවද පලාගිය එප්‍රායිම්වරුන්ගෙන් යමෙක් ඇවිත්: මට එගොඩවෙන්ට අරින්නැයි කී කල ගිලියද් මනුෂ්‍යයෝ: නුඹ එප්‍රායිමියයෙක්දැයි ඔහුගෙන් අසති;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ගිලියද්වරු එප්‍රායිම්ට යන ජොර්දාන් තොටුපොළවල් අල්ලාගත්තෝ ය. පලාගිය එප්‍රායිම්වරුන්ගෙන් යමෙකු අවුත්, “මට එගොඩ වන්නට අවසර දෙන්නැ”යි කී කල, ගිලියද් සෙනඟ, “ඔබ එප්‍රායිම් වැසියෙක් දැ”යි ඔහුගෙන් අසති. ඔහු “නැතැ”යි කීවොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ගිලියද්වරු එප්‍රායිම්ට යන ජොර්දාන් තොටුපොළවල් අල්ලාගත්තෝ ය. පලාගිය එප්‍රායිම්වරුන්ගෙන් යමෙකු අවුත්, “මට එගොඩ වන්නට අවසර දෙන්නැ”යි කී කල, ගිලියද් සෙනඟ, “ඔබ එප්‍රායිම් වැසියෙක් දැ”යි ඔහුගෙන් අසති. ඔහු “නැතැ”යි කීවොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 12:5
9 හුවමාරු යොමු  

ඔවුන්ට කථාකොට: මා පස්සේ එන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාගේ සතුරන් වන මෝවබ්වරුන් නුඹලා අතට පාවා දී තිබේයයි කීවේය. ඔව්හු ඔහු පස්සේ ගොස් මෝවබ් ළඟ තිබෙන යොර්දාන්හි තොටුපළවල් අල්ලාගෙන, කිසිවෙකුට එයින් එගොඩවෙන්ට ඉඩ නුදුන්නෝය.


එවිට රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කානාන් දේශය ඉදිරිපිට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පැත්තෙහි යොර්දාන අසබඩ පළාතේ පූජාසනයක් ගොඩනගා තිබේයයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ආරංචිවිය.


ගිඩියොන් එප්‍රායිම් කඳු රට මුළුදාම පණිවිඩකාරයන් යවා: මිදියන්වරුන්ට විරුද්ධව බැස ඇවිත් බෙත්-බාරා දක්වා තොටුපල්ද යොර්දානද ඔවුන්ට පළමුවෙන් අල්ලාගන්නැයි කියා යැවීය. එවිට එප්‍රායිම්හි සියලු මිනිස්සු රැස්ව බෙත්-බාරා දක්වා තොටුපල් ද යොර්දානද අල්ලාගත්තෝය.


ඒ මනුෂ්‍යයෝ යොර්දානට යන මාර්ගයෙන් තොටුපළවල් දක්වා ඔවුන් පස්සේ එළවාගන ගියෝය. ඔවුන් පස්සේ එළවාගන ගිය අය පිටතට ගිය හැටියේම දොර වසනලද්දේය.


එවිට යෙප්තා ගිලියද්හි සියලු මනුෂ්‍යයන් රැස්කරවාගන එප්‍රායිම්ට විරුද්ධව යුද්ධකෙළේය. නුඹලා එප්‍රායිම්වරුන්ගෙන් පලාගිය අයවල්ය, ගිලියද්වරු එප්‍රායිම්වරුන්ද මනස්සේවරුන්ද අතරේ සිටියෝයයි එප්‍රායිම්වරුන් කී බැවින් ගිලියද් මනුෂ්‍යයෝ ඔවුන්ට පහරදුන්නෝය.


ඔහු: නැතැයි කීවොත්, ෂිබ්බොලෙත්ය කියන්නැයි ඔව්හු ඔහුට කියති; ඔහුට ඒක හරියට ශබ්දකරන්ට නොහැකිව, සිබ්බොලෙත්ය කීවොත් ඔව්හු ඔහු අල්ලා යොර්දාන් තොටුපල් ළඟදී මරති. ඒ ප්‍රස්තාවේදී එප්‍රායිම්වරුන්ගෙන් සතළිස් දෙදාහක් මැරුම් කෑවෝය.


යූදා පෙළපතට අයිතිවූ, යුදයේ බෙත්-ලෙහෙමේ සිට ආවාවූ එක්තරා ලෙවීය තරුණයෙක් සිටියේය, ඔහු එහි වාසයකෙළේය.


එප්‍රායිමියයෙක්වූ ශුප්ගේ පුත්‍රවූ තොහුගේ පුත්‍රයා වන එලීහුගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන එල්කානා නම් මනුෂ්‍යයෙක් එප්‍රායිම් කඳුරටේ රාමාතයිම්-ශෝපීම්හි සිටියේය.


තවද ශෙරේදායේ එප්‍රායිමියයෙක්වූ නෙබාත්ගේ පුත්‍රවූ, සාලමොන්ගේ සේවකයෙක්වූ යෙරොබොවම්ද රජුට විරුද්ධව තමාගේ අත එසෙවුවේය. වැන්දඹු ස්ත්‍රියෙක්ව සිටිය ඔහුගේ මවුගේ නම ශෙරුවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්