Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 11:16 - Sinhala Revised Old Version

16 නුමුත් ඉශ්‍රායෙල්වරු මිසරයෙන් ආ කල ඔව්හු රතු මුහුද දක්වා කාන්තාරයෙහි ගමන්කර කාදෙෂ්ට පැමුණුණෝය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එහෙත්, ඉශ්රායෙල්වරුන් මිසර දේශයෙන් ආ කල ඔව්හු රතු මුහුද දක්වා පාළුකරයේ ගමන් කර කාදෙෂ්ට පැමිණියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එහෙත්, ඉශ්රායෙල්වරුන් මිසර දේශයෙන් ආ කල ඔව්හු රතු මුහුද දක්වා පාළුකරයේ ගමන් කර කාදෙෂ්ට පැමිණියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 11:16
9 හුවමාරු යොමු  

නුඹලා වනාහි හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට ගමන්කරන්න යයි කීසේක.


දැන් අමලෙක්වරුන්ද කානානිවරුන්ද මිටියාවතෙහි වාසයකරන බැවින් හෙට නුඹලා හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට පිටත්ව යන්නැයි කීසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ එනම් මුළු සභාව පළමුවෙනි මාසයේදී ශීන් කාන්තාරයට ආවෝය; සෙනඟ කාදෙෂ්හි නවාතැන් ගත්තෝය; මිරියාම් එහිදී නැසී එහි තැන්පත්කරන ලද්දීය.


මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද වෙතට පාරාන් කාන්තාරයෙහිවූ කාදෙෂ්ට පැමිණ ඔවුන්ටත් මුළු සභාවටත් තොරතුරු දන්වා දේශයේ ඵල ඔවුන්ට පෙන්නුවෝය.


මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් නුදුන් නිසා මුළු ජාතිය එනම් මිසරයෙන් ආවාවූ යුද්ධකාර සෙනඟ විනාශවන තෙක් සතළිස් අවුරුද්දක් ඔව්හු කාන්තාරයෙහි හැසුරුණෝය. මෙසේ වුණේ, අපට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන දේශය දකින්ට ඔවුන්ට ඉඩනාරින ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ නිසාය.


මෙසේ නුඹලා කාදෙෂ්හි නැවතුණු දවස් ලෙස බොහෝ දවස් එහි වාසය කළහුය.


තවද ඔව්හු හැරී ඇවිත් ඒන්-මිෂ්පාත්ට (එනම් කාදෙෂ්ට) පැමිණ අමලෙක්වරුන්ගේ මුළු රටටත් හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන්ටත් පහරදුන්නෝය.


අපද අපේ සිව්පාවුන්ද මෙහි මැරෙන පිණිස නුඹලා ස්වාමීන්වහන්සේගේ සභාව මේ කාන්තාරයට ගෙනාවේ මක්නිසාද?


යෙප්තා මෙසේ කියන්නේය–ඉශ්‍රායෙල් මෝවබ් දේශයවත් අම්මොන් පුත්‍රයන්ගේ දේශයවත් පැහැරගත්තේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්