Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 1:22 - Sinhala Revised Old Version

22 යෝසෙප්ගේ වංශයද බෙතෙල්ට විරුද්ධව ගියේය. ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ වූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල්ට විරුද්ධ ව ගියෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටි සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල්ට විරුද්ධ ව ගියෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටි සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 1:22
12 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ යූදා සමඟ වූසේක; ඔහු කඳු රටේ වැසියන් පන්නාදැමුවේය. නුමුත් මිටියාවතේස් වැසියන්ට යකඩ රථ තිබුණු නිසා ඔවුන් පන්නාදමන්ට නොහැකිවිය.


සාබුලොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, යෝසෙප්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, මුද්‍රාකරනු ලැබුවෝය.


මනස්සේ පුත්‍රයන්ගේ සීමා දිගට බෙත්-ෂෙයාන් සහ ඒකේ ගම්ද තයනාක් සහ ඒකේ ගම්ද මෙගිද්දෝ සහ ඒකේ ගම්ද දෝර් සහ ඒකේ ගම්ද යන මේවාය. මේවායෙහි ඉශ්‍රායෙල්ගේ පුත්‍රවූ යෝසෙප්ගේ පුත්‍රයෝ වාසයකළෝය.


ස්වාමීන්වහන්සේද ඔහු හා සමඟ සිටිසේක; ඔහු ගිය ගිය තැන සමෘද්ධවිය. ඔහු අෂූර්හි රජුට විරුද්ධව කැරළි ගසා, ඔහුට සේවය නොකොට සිටියේය.


මක්නිසාද යෝසෙප්ගේ පුත්‍රයෝ වනාහි මනස්සේ සහ එප්‍රායිම් යන ගෝත්‍ර දෙකක්වූහ. ලෙවීවරුන්ට විසීම පිණිස නුවරවල්ද ඔවුන්ගේ සිව්පාවුන් හා දේපළ උදෙසා ඒ නුවරවල පිට-බිම්ද මිස දේශයේ කිසි කොටසක් ඔව්හු නුදුන්නෝය.


යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන් එනම් එප්‍රායිම්ගේ පුත්‍රයන් අතරෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,


යෝසෙප්ගේ පුත්‍රයන් අතරෙන් එප්‍රායිම්ගෙන් අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමා සහ මනස්සේගෙන් පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ය.


එහෙත් ඔහුගේ දුන්න ශක්තිමත්ව පැවතුණේය, යාකොබ්ගේ බලවන්තයාණන්වහන්සේගේ අත්වලින්ද නුඹට පිහිටවන නුඹේ පියාගේ දෙවියන්වහන්සේගෙන්ද ඉහළ අහසේ ආශීර්වාදවලිනුත්


ඔහු පන්දහසක් පමණ මනුෂ්‍යයන් රැගෙන ඔවුන් හායිට බස්නාහිරින් බෙතෙල්ටත් හායිටත් අතරේ රහසේ සිටෙවුවේය.


බෙන්යමින් පුත්‍රයෝ යෙරුසලමේ විසූ යෙබූසිවරුන් පන්නානොදැමූහ. යෙබූසිවරු අද දවස දක්වා බෙන්යමින් පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.


යෝසෙප්ගේ වංශය බෙතෙල් සෝදිසිකරන්ට මිනිසුන් යැවුවේය. පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්