Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 1:19 - Sinhala Revised Old Version

19 ස්වාමීන්වහන්සේ යූදා සමඟ වූසේක; ඔහු කඳු රටේ වැසියන් පන්නාදැමුවේය. නුමුත් මිටියාවතේස් වැසියන්ට යකඩ රථ තිබුණු නිසා ඔවුන් පන්නාදමන්ට නොහැකිවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 සමිඳාණන් වහන්සේ ජුදා සෙනඟ සමඟ සිටි සේක; ඔව්හු ද කඳු රටේ වැසියන් පන්නා දැමූ හ. එහෙත්, මිටියාවතේ වැසියන්ට යකඩ රථ තිබුණ බැවින් ඔවුන් පන්නා දමන්නට ඔවුන්ට නොහැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 සමිඳාණන් වහන්සේ ජුදා සෙනඟ සමඟ සිටි සේක; ඔව්හු ද කඳු රටේ වැසියන් පන්නා දැමූ හ. එහෙත්, මිටියාවතේ වැසියන්ට යකඩ රථ තිබුණ බැවින් ඔවුන් පන්නා දමන්නට ඔවුන්ට නොහැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 1:19
34 හුවමාරු යොමු  

භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.


දෙවියන්වහන්සේ කරණකොටගෙන වික්‍රමාන්විතව ක්‍රියාකරන්නෙමුව. මක්නිසාද අපේ එදිරිකාරයන් පාගා දමන්නේ උන්වහන්සේමය.


ස්වාමීන්වහන්සේද: යූදා යා යුතුය. මම ඔහු අතට දේශය දුනිමියි කීසේක.


මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.


එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?


ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ ලවා කියෙවු කීම සම්පූර්ණවන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි.


නුඹලා එක්ව මන්ත්‍රණයකරන්න, ඒක නිෂ්ඵලවන්නේය; වචනය කථාකරන්න, ඒක ස්ථිර නොවන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේ අප සමඟ සිටිනසේක.


එබැවින් ස්වාමීන්වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක; බලව, කන්‍යාව ගර්භීණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය.


නැවත, මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන බව දුටිමි.


සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.


උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවනසේක.


සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.


ස්වාමීන්වහන්සේද ඔහු හා සමඟ සිටිසේක; ඔහු ගිය ගිය තැන සමෘද්ධවිය. ඔහු අෂූර්හි රජුට විරුද්ධව කැරළි ගසා, ඔහුට සේවය නොකොට සිටියේය.


දාවිත් වඩ වඩා උතුම් වේගන ගියේය; මක්නිසාද සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක.


එබැවින් ස්වාමීන්වහන්සේ ඒ දවසේදී සඳහන් කළ මේ කන්ද මට දුන මැනවි; එහි අනාක්වරුන් සිටින බවද පවුරු ඇති මහත් නුවරවල් තිබෙන බවද නුඹ ඒ දවසේදී ඇසුවෙහිය. ස්වාමීන්වහන්සේ කී ලෙස සමහරවිට උන්වහන්සේ මා සමඟ සිට ඔවුන් එළවන්ට මට පුළුවන්කරනසේකැයි කීවේය.


එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට තමුන්ගේ සතුරන් ඉදිරියෙහි සිටින්ට බැරිය, ඔව්හු ශාපයට අසුවුණ බැවින් තමුන්ගේ සතුරන්ට පිටපාති. ඒ කැපවූ දේ නුඹලා අතරෙන් නාස්තිකර නොදැමුවොත් මම තවත් නුඹලා සමඟ නොසිටින්නෙමි.


මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීසේක.


නුඹේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම නුඹ සමඟත් සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි, නුඹ අත්නාරින්නෙමි.


එහෙත් ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ සිට ඔහුට දයාව පෙන්වා හිරගෙයි නායකයාගේ ඇස් හමුවෙහි ඔහුට කරුණාව ගෙනදුන්සේක.


ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ වූ සේක, ඔහු සඵලවත් මනුෂ්‍යයෙක්ව තම ස්වාමිවූ මිසරයාගේ ගෙයි සිටියේය.


මෙසේ ස්වාමීන්වහන්සේ යෝෂුවා සමඟ සිටිසේක; ඔහුගේ කීර්තිය දේශය මුළුල්ලෙහි පතළවිය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය. මක්නිසාද ඔහුට යකඩ රථ නවසියයක් තිබුණේය; ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විසි අවුරුද්දක් බලවත් ලෙස පීඩා කෙළේය.


සිසෙරා තමාගේ සියලු රථ එනම් යකඩ රථ නවසියයක්ද තමා සමඟ සිටි මුළු සෙනඟද ජාතීන්ට අයත් හරොෂෙත්හි සිට කීෂොන් ඔය ළඟට අඬගස්වාගත්තේය.


දාවිත් වනාහි සාවුල් තමා යැවූ හැම තැනටම ගොස් නුවණින් හැසුරුණේය. සාවුල් ඔහු යුද්ධකාරයන් කෙරෙහි ප්‍රධානියා කෙළේය, මුළු සෙනඟද සාවුල්ගේ සේවකයෝද ඊට ප්‍රසන්නවූහ.


ස්වාමීන්වහන්සේ දාවිත් සමඟ සිටි නිසාත් සාවුල්ගෙන් පහව ගිය නිසාත් සාවුල් ඔහුට භයවුණේය.


දාවිත් තමාගේ සියලු මාර්ගවලදී නුවණින් හැසුරුණේය; ස්වාමීන්වහන්සේද ඔහු සමඟ සිටිසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්