Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 9:7 - Sinhala Revised Old Version

7 මෝසෙස් ආරොන්ට කථාකොට: නුඹ පූජාසනයට ළඟාවී ස්වාමීන්වහන්සේ අණකළ ලෙස නුඹේ පාප පූජාවද නුඹේ දවන පූජාවද පූජාකොට නුඹ උදෙසාත් සෙනඟ උදෙසාත් සමගිකමක් කරන්න. සෙනඟගේ පූජාව පූජාකොට ඔවුන් උදෙසා සමගිකමක් කරන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඉන්පසු ඔහු ආරොන් අමතා, “පූජාසනයට ළඟා වී, ඔබ උදෙසා ද සෙනඟ උදෙසා ද පව් කමාව අයැදිමින් ඔබේ පාප පූජාව සහ දවන යාග පූජාව පුදන්න. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි සෙනඟගේ පූජා පුදා ඔවුන් උදෙසා පව් කමාව අයැදින්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඉන්පසු ඔහු ආරොන් අමතා, “පූජාසනයට ළඟා වී, ඔබ උදෙසා ද සෙනඟ උදෙසා ද පව් කමාව අයැදිමින් ඔබේ පාප පූජාව සහ දවන යාග පූජාව පුදන්න. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි සෙනඟගේ පූජා පුදා ඔවුන් උදෙසා පව් කමාව අයැදින්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 9:7
12 හුවමාරු යොමු  

ඒ දුර්වලකම නිසා, සෙනඟ උදෙසා වාගේම තමුන් උදෙසාත් පව් ගැන පූජා ඔප්පුකරන්ට ඔවුන්ට ඕනෑව තිබේ.


මක්නිසාද සියලු උත්තම පූජකයෝ මනුෂ්‍යයන් අතරෙන් ගනු ලැබ පඬුරුත් පව් උදෙසා පූජාවලුත් ඔප්පුකරන පිණිස දෙවියන්වහන්සේට අයිති කාරණා සම්බන්ධව මනුෂ්‍යයන් උදෙසා පත්කරනු ලබන්නෝය.


නුමුත් දෙවෙනි මණ්ඩපයට උත්තම පූජකයා පමණක් අවුරුද්දකට එක වරක් ඇතුල්වේ. ඒත් ලේ නැතුව නොවේය, ඒ ලේ ඔහු තමා උදෙසාත් සෙනඟගේ වැරදි උදෙසාත් ඔප්පුකරන්නේය.


සෙනඟ පිට වරද පැමිණෙන ලෙස ආලේපලත් පූජකයා පව්කළොත්, ඔහු කළාවූ ඒ පාපය ගැන ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස කැලල් නැති ගොන් නාම්බෙකු ඔප්පුකෙරේවා.


එබැවින් ඒලීගේ වංශයේ අපරාධය පූජා වෙන්වත් පඬුරෙන්වත් කිසිකලක පහකරනු නොලබන්නේය කියා ඒලීගේ වංශයට මා දිවුරා තිබේයයි කීසේක.


පාප පූජාවක් පිණිස කැලලක් නැති එළවස්සෙක්ද දවන පූජාවක් පිණිස කැලලක් නැති බැටළුවෙක්ද රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උන් ඔප්පුකරන්න.


නුඹලා වෙනුවට සමගිකමක් කරන පිණිස, අද දවසේදී කළාක්මෙන් කරන්ට ස්වාමීන්වහන්සේ අණකර තිබේ.


එවිට ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පුකර තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමගිකමක් කරන්නේය.


ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පුකොට, තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමගිකමක් කරමින්, තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා මරන්නේය.


ශුද්ධ ඉඩමකදී වතුර නාවාගන, තමාගේ වස්ත්‍ර හැඳගන පිටතට අවුත්, තමාගේ දවන පූජාවද සෙනඟගේ දවන පූජාවද ඔප්පුකර, තමා උදෙසාද සෙනඟ උදෙසාද සමගිකමක් කරන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්