Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 9:2 - Sinhala Revised Old Version

2 පාප පූජාවක් පිණිස කැලලක් නැති එළවස්සෙක්ද දවන පූජාවක් පිණිස කැලලක් නැති බැටළුවෙක්ද රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උන් ඔප්පුකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔහු ආරොන්ට කතා කොට, “පාප පූජාවක් සඳහා නොකැළැල් ගොන් වස්සෙකු ද දවන යාග පූජාවක් සඳහා නොකැළැල් බැටළුවෙකු ද ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඔහු ආරොන්ට කතා කොට, “පාප පූජාවක් සඳහා නොකැළැල් ගොන් වස්සෙකු ද දවන යාග පූජාවක් සඳහා නොකැළැල් බැටළුවෙකු ද ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 9:2
15 හුවමාරු යොමු  

සෙනඟ පිට වරද පැමිණෙන ලෙස ආලේපලත් පූජකයා පව්කළොත්, ඔහු කළාවූ ඒ පාපය ගැන ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස කැලල් නැති ගොන් නාම්බෙකු ඔප්පුකෙරේවා.


ඒ උත්තම පූජකයන් මෙන් පළමුකොට තමුන්ගේම පව් උදෙසාත් පසුව සෙනඟගේ පව් උදෙසාත් දවස්පතා පූජාවල් ඔප්පුකරන්ට උන්වහන්සේට වුවමනාවක් නැත. මක්නිසාද උන්වහන්සේ තමන්ම පූජාකිරීමෙන් එකවරක්ම ඒක කළසේක.


අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.


ඔහු දවන පූජාවේ බැටළුවා ගෙනායේය. ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ බැටළුවාගේ හිස පිට තමුන්ගේ අත් තැබූහ.


එවිට ඔහු පාප පූජාවේ ගොනා ගෙනායේය. ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද පාප පූජාවේ ගොනාගේ හිස පිට තමුන්ගේ අත් තැබුවෝය.


පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔවුන් විශුද්ධකරන්ට නුඹ විසින් ඔවුන්ට කළ යුතු දේ මේය. පළුදුවක් නැති එක නාඹ ගොනෙක්ද බැටළුවන් දෙදෙනෙක්ද,


ඒ දුර්වලකම නිසා, සෙනඟ උදෙසා වාගේම තමුන් උදෙසාත් පව් ගැන පූජා ඔප්පුකරන්ට ඔවුන්ට ඕනෑව තිබේ.


නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින්: ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පූජාකරන්ට පාප පූජාවක් පිණිස එළුවෙක්ද දවන පූජාවක් පිණිස අවුරුද්දක් පිරුණු කැලලක් නැති එළවස්සෙක් හා බැටළු පැටවෙක්ද,


දසවෙනි අවුරුද්දේ දසවෙනි මාසයේ දොළොස්වෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය.


ඉදින් දවන පූජාවක් පිණිස ඔහුගේ පූජාව බැටළු රැළෙන්වත් එළු රැළෙන්වත් වන්නේනම්, ඔහු නොකැලල් පිරිමි සතෙකු පූජාකළ යුතුය.


ආරොන් ශුද්ධස්ථානයට ඇතුල්විය යුතු මෙසේය: පාප පූජාවකට ගොන් නාම්බෙක්ද දවන පූජාවකට බැටළුවෙක්ද රැගෙන ඔප්පුකිරීමෙන්ය.


ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවෙන් පාප පූජාවකට එළුවන් දෙන්නෙක්ද දවන පූජාවකට එක බැටළුවෙක්ද ගන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්