Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 8:36 - Sinhala Revised Old Version

36 මෙසේ ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකළ සියල්ල කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 මෙලෙස ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ සියල්ල ඉටු කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 මෙලෙස ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ සියල්ල ඉටු කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 8:36
8 හුවමාරු යොමු  

මා විසින් නුඹලාට අණකරන සියලුම දේ කරන්ට බලාගන්න. නුඹ ඊට කිසිවක් එකතු නොකළ යුතුය, එයින් කිසිවක් අඩු නොකළ යුතුය.


සාමුවෙල්ද: ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන සේක්ද? පූජාවට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය.


මා නුඹලාට අණකරන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වන පිණිස මා නුඹලාට අණකරන වචනයට කිසිවක් එකතුකිරීමවත් එයින් කිසිවක් අඩුකිරීමවත් නොකරන්න.


මෝසෙස් මෙසේ කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ තමාට අණකළ සියල්ල ලෙස කෙළේය.


මෝසෙස් ඒ සියලු කර්මාන්ත බලා ස්වාමීන්වහන්සේ අණකළ ලෙසම ඔවුන් ඒවා සාදා තිබෙන බව දැක ඔවුන්ට ආශීර්වාද කෙළේය.


නුඹලා නොනස්නා පිණිස සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ රෑ දාවල් සත් දවසක් සිටිමින් ස්වාමීන්වහන්සේගේ නියමය පවත්වන්න. මක්නිසාද එසේ මට අණකර තිබේයයි කීවේය.


තවද අටවෙනි දින මෝසෙස් ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ද ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද කැඳවා ආරොන්ට කථාකොට:


තවද ඔහුගේ හිස පිට මකුටය ලා, මකුටය පිට ඉදිරියෙන් රන් තහඩුව වන ශුද්ධ ඔටුන්න ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස තැබුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්