Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 8:23 - Sinhala Revised Old Version

23 ඔහු ඌ මැරීය; මෝසෙස් උගේ ලෙයින් මඳක් රැගෙන ආරොන්ගේ දකුණු කනේ කෙළවරෙහිද ඔහුගේ දකුණතේ මාපට ඇඟිල්ලෙහිද ඔහුගේ දකුණු පයේ මාපට ඇඟිල්ලෙහිද ගෑයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 මෝසෙස් ද ඌ මරා, උගේ ලේ ගෙන, ආරොන්ගේ දකුණු කන්පෙත්තෙහි ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 මෝසෙස් ද ඌ මරා, උගේ ලේ ගෙන, ආරොන්ගේ දකුණු කන්පෙත්තෙහි ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 8:23
18 හුවමාරු යොමු  

එවිට නුඹ බැටළුවා මරා උගේ ලෙයින් ස්වල්පයක් ගෙන ආරොන්ගේ දකුණු කනේ කෙළවරද ඔහුගේ පුත්‍රයන්ගේ දකුණු කන් කෙළවරද ඔවුන්ගේ දකුණු අත්වල මාපට ඇඟිලිවලද දකුණු පාදවල මාපට ඇඟිලිවලද ගා ලේ පූජාසනය පිට වටකරින් ඉසින්න.


තමාගේ අතේ ඉතිරිවෙන තෙලින් පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද දකුණු අත මාපට ඇඟිල්ලේද දකුණු පය මාපට ඇඟිල්ලේද අපරාධ පූජාවේ ලේ පිට ගා,


පූජකයාද අපරාධ පූජාවේ ලෙයින් ස්වල්පයක් ගෙන පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද ඔහුගේ දකුණු අත මාපට ඇඟිල්ලේද ඔහුගේ දකුණු පය මාපට ඇඟිල්ලේද ගා,


එසේය, මා නුඹලාගේ ඇදහිල්ල නැමති පූජාවත් මෙහෙයත් පිට පූජාකරනු ලබන නුමුත් සන්තෝෂවෙමි, නුඹලා සියල්ලන් සමඟ ප්‍රීතිවෙමි.


ඒ හැටියට මම කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, සියලු ආකාරයෙන් නිර්භීතව සිටීමෙන්, මාගේ ශරීරය කරණකොටගෙන, ජීවිතයෙන් වේවා, මරණයෙන් වේවා, නිතරම වාගේ දැනුත් ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට පැමිණේයයි මාගේ තද බලාපොරොත්තුවක්ද ප්‍රාර්ථනාවක්ද ඇත්තේය.


නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.


නුමුත් උන්වහන්සේ කරණකොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහුය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි පිරිසිදුකරනලද්දාවූ, ශුද්ධවන්තව සිටීමට කැඳවනලද්දාවූ කොරින්තියෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවටද ඔවුන්ගෙත් අපගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු තැන්වල යාච්ඤාකරන්නාවූ සියල්ලන්ටද ලියා එවන වගනම්:


එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.


නුඹලාගේ මාංසයේ දුර්වලකම නිසා මනුෂ්‍ය ව්‍යවහාරයෙන් කථාකරමි. නුඹලා නුඹලාගේ අවයවයන් අපවිත්‍රකමටත් අයුතුකම පිණිස අයුතුකමටත් දාසයන්කොට භාරදුන් සේම, දැන් නුඹලාගේ අවයවයන් ශුද්ධකම පිණිස ධර්මිෂ්ඨකමට දාසයන් කොට භාරදෙන්න.


නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට භාර නොදී, නුඹලාම මළවුන්ගෙන් ජීවත්ව සිටින්නන්මෙන් දෙවියන්වහන්සේට භාරවී, නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන්වහන්සේට භාරදෙන්න.


තමාගේ අතේ තිබෙන තෙල්වලින් පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද ඔහුගේ දකුණු අතේ මාපට ඇඟිල්ලේද දකුණු පයේ මාපට ඇඟිල්ලේද අපරාධ පූජාවේ ලේ තිබෙන තැන ගා,


උන්වහන්සේ පුත්‍රයෙක්ව සිටි නුමුත් තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත්සේක.


කුමක්හෙයින්ද යමෙකු නිසාත් යමෙකු කරණකොටගෙනත් සියල්ල පවත්නේද, ඒ තැනන්වහන්සේ විසින් බොහෝ පුත්‍රයන් තේජසට ගෙනයන කල ඔවුන්ගේ ගැළවීමේ කර්තෲන්වහන්සේ දුක්විඳීම කරණකොටගෙන සම්පූර්ණ කරන්ට යුතුවූයේය.


සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න.


පූජාසනය පිට තිබෙන ලෙයින්ද ආලේප තෙල්වලින්ද ස්වල්පයක් රැගෙන ආරොන් පිටත් ඔහුගේ වස්ත්‍ර පිටත් ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් පිටත් ඔවුන්ගේ වස්ත්‍ර පිටත් ඉසින්න. මෙසේ ඔහු සහ ඔහුගේ වස්ත්‍රද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයෝද ඔවුන්ගේ වස්ත්‍රද ශුද්ධවන්නෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් තමන්ගේ පූජා ස්වාමීන්වහන්සේට ඔප්පුකරන ලෙස සීනයි වනයෙහිදී මෝසෙස් ඔවුන්ට අණකළ දවසේදී,


අපරාධ පූජාවේ බැටළු පැටවාද මරා අපරාධ පූජාවේ ලේවලින් මඳක් ගෙන පවිත්‍ර වෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද දකුණු අතේ මාපට ඇඟිල්ලේද දකුණු පයේ මාපට ඇඟිල්ලේද ගා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්